
Android එක්ක ලෝකයේ ලියැවුණු අලුත් ජංගම දුරකථන කතාවට සිංහල උරුවට ලියැවුණු Apps ට්කක් ගැන කියන්න තමයි හදන්නෙ. මේ ගැන අළුතෙන්ම කියන්න නම් ඕනෙ නෑ මොකද මේ Apps වල Downloads ගණන බැලුවම මේ ගැන ගොඩාක් දෙනෙක් දන්නවා කියලා තේරෙනවා. ළඟදි android එක්ක අත්වැල් බැඳගත්ත අයට නම් ටිකක් විතර වැදගත් වෙයි.

අන්තර් ජාල සම්බන්ධතාව රහිතව වුවද භාවිත කළ හැකි මෙම මෘදුකාංගය ඉංග්රීසි-සිංහල ශබ්ද කෝෂයක් මෙන්න සිංහල-ඉංග්රීසි ශබ්ද කෝෂයක් ලෙස ද භාවිතා කල හැක. යුනිකෝඩ් මඟින් සිංගිලිෂ් ආකාරයට සිංහල වචන ඇතුලත් කළ හැකි අතර ඒ සඳහා යෝජනා වචන ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ.

අන්තර්ජාල ගවේශනය සඳහා වෙබ් බ්රවුසරයක් ලෙස නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය සිංහල ෆොන්ට් රෙන්ඩින් බොහෝ දුරට සාර්ථක ලෙස ඉදිරිපත් කරයි. සිංහල අඩවි නැරඹිමට ජංගම දුරකථනය භාවිතා කරන ලාංකිකයන්ට වැදගත් මෘදුකාංගයකි.
Omi, දන්න සිංහලෙන් ඕමි සෙල්ලම් කරමු by

මේ සෙල්ලම ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. කම්මැලිවෙලාවට ඕමි අතක් එහෙම ගහන්න. හැබැයි මුල් කොල 4 ට අනිවාර්යෙන්ම තුරුම්පු කියන්න නම් වෙනවා. ඒක තමයි ලොකුම අවුල.

නිතර නිතර ලොතරැයි ගන්න අයට නම් ගොඩක් වැදගත්. ලොතරැයි නම හා දිනුම් අදින දිනය මඟින් පහසුවෙන්ම ජය අංක ටික හොයා ගන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණඩලය දෙකටම අදාල විස්තර මේ මෘදුකාංගයේ ඇතුලත්.

මේ App එක ගොඩාක් ලඟදි තමයි අපිට ලැබුණෙ.මොබිටෙල් පාරිභෝගිකයන්ට නම් සෑහෙන්න වැදගත්. Mobitel එකේ පාවිච්චි වෙන USSD code ඔක්කොම වගේ මේකට ඇතුලත් කරලා තියෙන්නෙ. Pre-Paid internet bill සැරින් සැරේ චෙක් කරන්නත් දැන් මේක නිසා ගොඩාක් ලේසියි.
තව Apps කීපයක්ම තියෙනවා. ඒවා ගැන වෙනම Post එකකකින් දාන්නම්. ඉතින් මේක ගැන ඔයාලගෙ අදහස් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලා දන්න apps ගැනත් comment එකක් දාලා යන්න. ඒක හැමෝටම වැදගත් වෙයි.
Photoshop ගැන දන්නේ මොනවද? දන්නේ ටිකයිද ගොඩයිද? තව ඉගෙන ගන්න ආසයිද? එහෙනම් එකතු වෙන්න PS Lanka එක්ක දැනුම බෙදා හදා ගන්න. ගැටළු නිරාකරණය කර ගන්න වැඩ පෙන්නන්න. http://www.pslanka.tk
ReplyDelete