Skip to main content

Posts

Showing posts from January, 2013

ලිනක්ස් හි ඩිස්ට්‍රෝ ගැන දැන ගනිමු

ඊයෙ ලියපු ලිපියෙ ඉතිරි ටික ලියන්න හිතාගෙන අද උදෙන්ම ආවා බ්ලොග් එක පැත්තෙ. ඉතින් අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් ඉහලින්ම සමත් වුණ සියළු දෙනාටම මගේ සුභ පැතුම්. මේ සැරේ ලංකාවෙන්ම එක වුණෙ හම්බන්තොට දිස්ත්‍රික්කය නිසා ඒ ගැනත් මතක් කරන්න ඕන. ගණිත අංශයෙන් හා ජීව විද්‍යා අංශ වලින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වුණ ඒ මල්ලිලා දෙන්නට සුභ පැතුම් එකතු කරමින් පෝස්ටුවේ ඉතිරි ටික ලියන්නයි ලෑස්තිවෙන්නෙ Ubuntu - "Humanity to others " (මනුෂ්‍යත්වයෙන් හැමෝටම)   ලිනක්ස් බෙදාහැරීම් අතර  ජනප්‍රියම මොහයුම් පද්ධතිය මෙය වේ. මීට වසර 5-6 කට පමණ පෙර මෙහි බෙදා හැරීම් නොමිලයේ නිවසටම තැපැල් මඟින් එවූ අතර එමඟින් ලොව පුරා තම පරිශිලක ප්‍රමාණය ඉහල මටිටමකට ගෙන ගියහ. මෙය බහුලවම භාවිතා කරන ලිනක්ස් ඩිස්ට්‍රෝවයි.  මෙහි විවිධ සංස්කරණ කීපයක්ම තිබූ අතර එනම්, Lubuntu යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි. Edubuntu යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි. Xubuntu යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත්

Linux ගැන දැන ගනිමු

  සෑ හෙන්න දවසකට පස්සෙ තමයි නිවී සැනසිල්ලෙ බ්ලොග් එක පැත්තට ආවෙ. සරසවි ජීවිතයේ යාන්තම් එක අවුරුද්දක් ගෙවා ගත්තා. නත්තලට දාපු බ්ලොග් විජෙට් එකත් ඔන්න අයින් කළා දැන් ඉතින් මොන නත්තල්ද. ඔන්න ඉතින් මේ ටිකේම වැඩ වැඩි නිසා ලිපි දාන්නත් බැරි වුණා ඒත් බ්ලොග් එක පැත්තෙ ආපු පිරිසෙ නම් අඩුවක් නෑ. ඇත්තටම තියෙන ලොකුම සතුටත් ඒකම තමයි. අද ටිකක් වෙනස් දෙයක් ගැන කියන්න හිතුණා මොකද පහුගිය දවස් ටිකේම වැඩ කළේ ලිනක්ස් වල. ඉතින් ඒක ගැන ටිකක් ලියන්න හිතුණා. ලිනක්ස් කියන්නෙත් OS එකක් එහෙම නැත්තම් මෙහෙයුම් පද්ධතියක්. ලිනක්ස් වල ඉතිහාසය ගැන කියන්න යුනික්ස් ගැන නොකියා බෑ. මොකද යුනික්ස් හි කර්නලය තවදුරටත් වැඩි දියුණු කරමින් C භාෂාව ආශ්‍රිතව වැඩි දියුණු කරන ලද මෙහෙයුම් පද්ධතියක් තමයි ලිනක්ස් නමින් එළි දක්වන්නෙ. AT & T හා Bell පර්යෙෂණාගරායේ පර්යේෂන කරපු ඩෙනිස් රිචේ සහ කෙන් තොම්සන් යන මහත්වරුන්ගේ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස තමා Unix උපදින්නේ. මේ ඩෙනිස් රිචේ කියන්නේ අපි අදටත් භාවිතා කරන C පරිගණක භාෂාව ලෝකෙට හදුන්වාදීපු පුද්ගලයා. කෙන් තොම්සන් විසින් ලියන ලද කේත ඩෙනිස් රිචේ විසින් නැවත C භාෂාවෙන් ලියලා තමා Unix K