Skip to main content

Posts

Showing posts from December, 2012

Windows Experience Index වෙනස් කරමු

Computer කියන Icon එක Right Click කරලා Properties වල පහලින් පෙනෙන Window එකක් දකින්න ලැබෙනවා.   ඔය වින්ඩෝ එකේ දකුණු පැත්තෙ නිල් පාට කොටුවකින් දකින්න ලැබෙන්නෙ  Windows  Experience Index එක. මේකෙ තියෙන විදිහට නම් Windows 7 Experience Index එක 5.5 යි. අපගේ පරිගනකයේ දෘඪාංග හා මෘදුකාංග වල ශක්‍යතාවය මනින අගයක් ලෙස මෙය නම් කරන්න පුළුවන්. මෙහි අගය පරාසය 1.0 සිට 7.9 දක්වා විහිදී යනවා.  ප්‍රොසෙසරය මඟින් තත්පරයකදී සිදු කරන ගණනය කිරිම් ගණන RAM මඟින් සිදුකරන මෙහෙයුම් ගණන Graphic Card එකෙහි ශක්‍යතාව Hard Disk  එක මඟින් දත්ත හුවමාරු වේගය ආදී වූ කරුණු සලකා ඒ එක එකෙහි ශක්‍යතාවන්ට යම් අගයක් සාපේක්ෂව ලබා දීම මෙමඟින් සිදු කරයි. Win Sat නැත්තම් Windows System Assessment tool එක මඟින් තමයි මෙහි ශක්‍යතාවය ගනනය කරන්නෙ. ඒ වගේම මෙම අගය පරිගනකයේ අඩුම හැකියාවක් ඇති දෘඩාංග හා මෘදුකාංග මත රඳා පවතිනවා. ඔය උඩ දාලා තියෙන screen shot එකේ බැලුවොත් ඒක හොඳටම තේරෙයි. එහි RAM හි සක්‍යතාවය (5.5) අඩුම වන අතර Graphic හි (7.9) උපරිම අගයක් ගනී. නමුත් සමස්ථ WEI අගය ලෙස 5.5 ක් පෙන්වයි. ඉතින් දැන් කියන්න හදන්නෙ

SONY සමාගම දෙවන තැනට

ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් නිශ්පාදිත Smartphone අලෙවියේ  සැලකිය යුතු වෙළඳ පොලක් ලබා ගැනීමට SONY සමාගම මේ වන විට සමත් වී ඇත. HTC සමාගම පරයා යමින් එක්සත් රාජධානියේ තම වෙළඳපොල ස්ථාවර මටිටමක රඳවා ගනිමින් මේ වන විට දුරකථන උපාංග මිලියන  0.5 ක් ඉක්මවන ප්‍රමානයක් තම පාරිභෝගිකයන්ට ලබා දිමට සමත් වී ඇත. HTC දුරකථන අභිබවා යමින් Sony Mobile BRAVIA Engine, ඇතුළු සුවිශේෂ පහසුකම් රාශියක් සමඟ තම ආදායමට ගැලපෙන විවිධ මිල පරාස ගනනාවක් යටතේ වෙළඳපොලට එන Sony samart phone පාරිභෝගික ආකර්ශනය වඩාත් ඉහල නංවයි. නමුත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ප්‍රමුඛයා වන Samsung සමාගම තම දුරකථන අලෙවියේ වාර්තා පිට වාර්තා තබමින් එම කාල පරාසය තුල දී දුරකථන උපාංග මිලියන 3.2 පමණ විකිනිමට සමත් ව ඇත. මේ වන විට වාර්තා වන අන්දමට Galaxy Note II ඉතා ලාබදායි මිලකට ලබා දිමට නියමිතව ඇති බවයි. ඉතා අඩු මුදලකට විශාල තිරයක් පාරිභෝගිකයාට ලබා දෙමින් ඔවුන්ගේ කාර්යන් පහසුවෙන් ඉටු කිරිම මෙහි අරමුණ වන අතර පෙර පැවති Galaxy note II හි සියළුම පහසුකම් මෙහි අන්තර්ගත නොවනු ඇතයි අපේක්ෂා කෙරේ.

වෙබ් අඩවි නිර්මාණය පහසුවෙන්

Web Development අද අන්තර්ජාලයේ ජනප්‍රියම අංගයක්. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, සමාජ වෙබ් අඩවි නිර්මාණයේ සිට තම කුඩා බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ඔබින නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් තමයි අද මම අරගෙන ආවෙ. Dreamviewer මෘදුකාංගය තරම් පහසුකම් රාශියක් නැතත් වෘත්තීය මට්ටමේ මෘදුකාංග ලෙස මේවා හැඳින් වුවොත් නිවැරදි. Coffee Cup Free HTML Editor  Coffee Cup Free HTML Editor යනු ඉතා පහසු මෘදුකාංගයක්. මෙහි FTP uploading පහසුකම ඒ තුලම පවතින අතර, FONTS, Table, Frames වැනි දේ ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. HTML පිළිබඳ මූලික දැනුමක් අවබෝධයක් පවතින කා හට වුවත් වෘතිතීය මට්ටමේ නිර්මානයක් එළි දැකිවීමට මෙය යොදා ගත හැක. Visual Editor, CSS Menu Designer, Image Mapper, and Website Color Schemer යන පහසුකම් මෙහි සම්පූර්ණ සංස්කරණයේ (Full Edition) ඇතුලත් වූවද නොමිලයේ ලබා දෙන සංස්කරනයේ එම පහසුකම් ඇතුලත් නොවේ. මෙය අවපතනය (Download) කර ගැනීම සඳහා මෙම අඩවියට පිවිසෙන්න http://www.coffeecup.com/free-editor/ NetObjects Fusion Essentials මෙම මෘදුකාංගය පෙර මෘදුකාංගයටත් වඩා දියුණු අතර drag &