Skip to main content

Posts

Showing posts from November, 2012

වෙබ් කැම් එක මවුස් එකක් කරමු

  මේ දවස් ටිකේම කෝටියක් වැඩ. බ්ලොග් එක පැත්ත පලාතක එන්න ලැබුණෙ නෑ. ඉතින් අද ආවෙ අළුත් software එකක් ගැන කියලා යන්න. හැමෝටම එච්චර වැදගත්කමක් නැති වුනත් සමහර අයට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ software එකේ නම CameraMouse. පරිගනකයේ වෙබ් කැම් එකෙන් අපේ හිසේ චලන පාවිච්චි කරලා ඒක mouse එක move කරන්න යොදාගෙන තියෙනවා. එක තැනක තත්පර කීපයක් නවතා තබන විට ඒක click එකක් කරගන්න වුණත් settings වලින් පුළුවන්.ඇත්තටම මේක ඊලඟ පරම්පරාවෙ මෘදුකාංගයක් කිව්වොත් මම නිවැරදියි. මේක හදලා තියෙන්නෙ ඇමරිකාවෙ බොස්ටන් විශ්ව විදයාලය මඟින්. අත් දෙක අහිමි එහෙත් තම හිස සොලවා ගත හැකි පුද්ගලයන්ට පරිගනකය භාවිතය පහසු කිරීම මෙහි මූලික අරමුණ වෙලා තියෙනවා. අපේ වැඩිපුර අවධානයක් යොමු නොවෙන පිරිසකට මේ මඟින් සාධාරනයක් ඉෂ්ට කරලා තියෙන එකට අපි හැමෝම සතුටු වෙන්න ඕන. මේ ගැන වැඩි විස්තර www.cameramouse.org අඩවියෙන් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මාදුකාංගයේ නවතම සංස්කරනය පසුගිය 19 වෙනිදා ලබා දුන්නා. මෙය 100% නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක්. දැන්න බාගන්න ඕනෙ නම් මෙතනින් යන්න 15MB විතර file එකක් තියෙන්නෙ. මාත් මේක උත්සහ

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.