Skip to main content

Posts

Showing posts from October, 2012

මොකද්ද මේ God Mode?????

GoD Mode ගැන වැඩිය කට්ටිය දන්නෙ නැතුව ඈති. මොකද මේක පාවිච්චි වෙන්නෙ Vista සහ  Windows7 වල නිසා. Operating system එකේ ඔක්කොම control panel එක folder එකකට ගන්න තමයි මේක ඔන වෙන්නෙ. එච්චර ලොකු දෙයක් නෙමෙයි වුනත් ගොඩක් වැදගත් trick එකක්.දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල. 1. මුලින්ම desktop එකේ NewFolder එකක් හදාගන්න. 2. දැන් හදාගත්තු folder එක God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} . කියල Rename කරගන්න. 3. Folder එක God Mode කියල Rename වෙයි. දන් ඒක open කරලම බලන්න. මේක 64 bit වල වැඩ කරන එක sure නෑ 32 bit වල නම් එල කිරි වගෙ වැඩ.

ලංකාවෙ අපිටම හදපු Android Apps

Android එක්ක ලෝකයේ ලියැවුණු අලුත් ජංගම දුරකථන කතාවට සිංහල උරුවට ලියැවුණු Apps ට්කක් ගැන කියන්න තමයි හදන්නෙ. මේ ගැන අළුතෙන්ම කියන්න නම් ඕනෙ නෑ මොකද මේ Apps වල Downloads ගණන බැලුවම මේ ගැන ගොඩාක් දෙනෙක් දන්නවා කියලා තේරෙනවා. ළඟදි android එක්ක අත්වැල් බැඳගත්ත අයට නම් ටිකක් විතර වැදගත් වෙයි. Sinhala Dictionary Offline by Sachith Dassanayake අන්තර් ජාල සම්බන්ධතාව රහිතව වුවද භාවිත කළ හැකි මෙම මෘදුකාංගය ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් මෙන්න සිංහල-ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් ලෙස ද භාවිතා කල හැක. යුනිකෝඩ් මඟින් සිංගිලිෂ් ආකාරයට සිංහල වචන ඇතුලත් කළ හැකි අතර ඒ සඳහා යෝජනා වචන ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ. වැඩි විස්තර සඳහා සහ බාගත කිරීම Siyalu sinhala browser by Pahan Sarathchandra අන්තර්ජාල ගවේශනය සඳහා වෙබ් බ්‍රවුසරයක් ලෙස නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය සිංහල ෆොන්ට් රෙන්ඩින් බොහෝ දුරට සාර්ථක ලෙස ඉදිරිපත් කරයි. සිංහල අඩවි නැරඹිමට ජංගම දුරකථනය භාවිතා කරන ලාංකිකයන්ට වැදගත් මෘදුකාංගයකි. වැඩි විස්තර සඳහා සහ බාගත කිරීම Omi, දන්න සිංහලෙන් ඕමි සෙල්ලම් කරමු by Sri Droiders මේ සෙල්ලම ගැන අමුතුවෙ

යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ අන්තර්ජාලය

  යුද්ධය ජීවිත හා දේපළ විනාශ කර දමන අමිහිරිතම අත් දැකීමකි. නමුත් ඒ අමිහිරිත මතකයන් අතුරින් යුද්ධයේ අතුරු නිමැයුමක් ලෙස ලොවට දායාද වු අනර්ග නිපැයුම් නැතුවාද නොවේ. ඔබ මා දන්නා සත්‍යයක් නම් වර්ථමානයේ වුවද භාවිතා වන ෆොක්ස්සොගන් රථය අමිහිරි යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ නිමැයුමකි. 1960  ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි. අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network  යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය. 1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය කළ අතර මෙහි ස