Skip to main content

ලංකාවෙ අපිටම හදපු Android Apps

Android එක්ක ලෝකයේ ලියැවුණු අලුත් ජංගම දුරකථන කතාවට සිංහල උරුවට ලියැවුණු Apps ට්කක් ගැන කියන්න තමයි හදන්නෙ. මේ ගැන අළුතෙන්ම කියන්න නම් ඕනෙ නෑ මොකද මේ Apps වල Downloads ගණන බැලුවම මේ ගැන ගොඩාක් දෙනෙක් දන්නවා කියලා තේරෙනවා. ළඟදි android එක්ක අත්වැල් බැඳගත්ත අයට නම් ටිකක් විතර වැදගත් වෙයි.

Sinhala Dictionary Offline by Sachith Dassanayake

https://lh6.ggpht.com/vqxJn0AYK2GxgkfjrqLsaPaTn85F57UiiFS7-kkHt-5Sr2DpwjVejY5SO-tuL3sRTuOG=w124අන්තර් ජාල සම්බන්ධතාව රහිතව වුවද භාවිත කළ හැකි මෙම මෘදුකාංගය ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් මෙන්න සිංහල-ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් ලෙස ද භාවිතා කල හැක. යුනිකෝඩ් මඟින් සිංගිලිෂ් ආකාරයට සිංහල වචන ඇතුලත් කළ හැකි අතර ඒ සඳහා යෝජනා වචන ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ.



Siyalu sinhala browser by Pahan Sarathchandra

අන්තර්ජාල ගවේශනය සඳහා වෙබ් බ්‍රවුසරයක් ලෙස නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය සිංහල ෆොන්ට් රෙන්ඩින් බොහෝ දුරට සාර්ථක ලෙස ඉදිරිපත් කරයි. සිංහල අඩවි නැරඹිමට ජංගම දුරකථනය භාවිතා කරන ලාංකිකයන්ට වැදගත් මෘදුකාංගයකි.



Omi, දන්න සිංහලෙන් ඕමි සෙල්ලම් කරමු by Sri Droiders

මේ සෙල්ලම ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. කම්මැලිවෙලාවට ඕමි අතක් එහෙම ගහන්න. හැබැයි මුල් කොල 4 ට අනිවාර්යෙන්ම තුරුම්පු කියන්න නම් වෙනවා. ඒක තමයි ලොකුම අවුල.





Sri Lanka Lottery Results by Chandima Kalansooriya

නිතර නිතර ලොතරැයි ගන්න අයට නම් ගොඩක් වැදගත්. ලොතරැයි නම හා දිනුම් අදින දිනය මඟින් පහසුවෙන්ම ජය අංක ටික හොයා ගන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණඩලය දෙකටම අදාල විස්තර මේ මෘදුකාංගයේ ඇතුලත්.



MyMobitel by Mobitel Sri Lanka

මේ App එක ගොඩාක් ලඟදි තමයි අපිට ලැබුණෙ.මොබිටෙල් පාරිභෝගිකයන්ට නම් සෑහෙන්න වැදගත්.  Mobitel එකේ පාවිච්චි වෙන USSD code ඔක්කොම වගේ මේකට ඇතුලත් කරලා තියෙන්නෙ. Pre-Paid internet bill සැරින් සැරේ චෙක් කරන්නත් දැන් මේක නිසා ගොඩාක් ලේසියි.


තව Apps කීපයක්ම තියෙනවා. ඒවා ගැන වෙනම Post එකකකින් දාන්නම්. ඉතින් මේක ගැන ඔයාලගෙ අදහස් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලා දන්න apps ගැනත් comment එකක් දාලා යන්න. ඒක හැමෝටම වැදගත් වෙයි.

Comments

  1. Photoshop ගැන දන්නේ මොනවද? දන්නේ ටිකයිද ගොඩයිද? තව ඉගෙන ගන්න ආසයිද? එහෙනම් එකතු වෙන්න PS Lanka එක්ක දැනුම බෙදා හදා ගන්න. ගැටළු නිරාකරණය කර ගන්න වැඩ පෙන්නන්න. http://www.pslanka.tk

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.  ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

පරණ පැන්සල අළුත් වෙයි - "පැන්සල" Real Time Sinhala Unicode Converter

පැන්සල ගැන ඉතින් ලංකාවෙ අපිට අළුතෙන්ම කියන්න දෙයක් නෑනෙ. ඒ තරමටම ඒක ලොකු පොඩි කවුරු අතරත් famous .මොකද සිංහල වචනයක් කොටා ගන්න character map එකේ හැතැම්ම කීයක් උඩට පහළට ගියපු අයට ඒක පට්ටෙටම වටිනවා. But අද මම කියන්න ආවෙ ඒකෙ අළුතින් release වුණ  version  එක ගැන කියන්න.  ඒ 2.13.7.1 . ඊයෙ තමයි මේක release වුණෙ. කලින් තිබුණ features ඔක්කොම වගේම, අළුත්ම feature ගොඩක් එක්ක පොඩි Metro look එකකකුත් මේ application එකට දීලා තියෙනවා.  ඒ අතරින් මට නම් ගොඩක්ම interesting වුණෙ අළුතින් add කරපු word suggestion එක. ඔන්න පහතින් දාන screen shot එක බලන්නකෝ ඒක නම් සිරා. අපි වචනයක් type කරගෙන යනකොට මේ විදිහට suggestion කීපයක් පෙන්නනවා. අපිට අවශ්‍ය වචනය select කරගන්න ඒ වචනයට අදාල number එක press  කරන්න විතරයි ඕනෙ. Arrow keys, mouse, enter මුකුත් නෑ. one shot. ඒවගේම තව virtual key board එකකකුත් දාලා තියෙනවා. ඔන්න ඒකත්. කලින් පැන්සල පාවිච්චි කරද්දි අහුවුණ bugs ඔක්කොම වගේ හදලා තියෙනවා කියලා තමයි කියන්නෙ. දැන් ඉතින් අමුතුවෙන් මහන්සි නොවී ලේසියෙන්ම වැඩේ...