Skip to main content

Posts

Showing posts from September, 2012

ලංකාවෙ ජනප්‍රියම TV, Radio Chanel widget එකක්

ඔන්න අද මම දෙන්න යන්නෙ ලංකාවෙ රේඩියෝ, ටීවී චැනල් වලට ලිනක් කරන විජෙට් එකක්. ඔය දාලා තියෙන්නෙ ඒකෙ පිංතූරයක්. මේක 250px × 389px size එකට හැදුවෙ. මගේ බ්ලොග් එකට දාන්න තමයි හැදුවෙ. ඉතින් මේක ඔයාලටත් දෙන්න ඕන කියලා හිතුණා. ඔන්න මම පහලින් Add to Blogger button එක දානවා. ඔයාලටත් ඕන නම් අරගන්න.

Dongle එකෙන් 3G phone එකක් හදමුද ..! ආ එහෙමත් පුලුවන්ද?

  අද යන්නෙ ඔයාලගෙ dongle එක කෑලි වලට ගලවන්න නම් නෙමෙයි. ඒ වුනාට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුනා. මොකද ලංකාව ඇතුලත දී skype කතා කරනවට වඩා ගොඩාක් ලාබයි 3G calls. මොකද මොබිටෙල් වල voice call rate එකටම 3G call දෙනවනේ. මේක කරන්නෙ dongle එකට එන MobilePartner එකෙන්. හැබැයි ගොඩාක් පරණ dongle වලට නම් වැඩ කරන එකක් නෑ. E173 ට නම් එලකිරි වගේ වැඩ. ඊට අළුත් ඒවට කොහොමත් වැඩ.  MobilePartner එකෙන් call ගන්න පුලුවන් වුනට 3G නැත්තම්  video call ගන්න පුලුවන් කියල ඔයාලා දන්නවද? ඒකට තියෙන්නෙ බොහොම ලේසි ක්‍රමයක්.මේකට ඕන වෙන්නෙ Huawei dongle එකක් සහ WebCam/Notebook එකක්. ZTE,Micromax,WESTCOM,Prolink වගේ අනිත් වර්ග වල HSPA dongle වලට වැඩ කරනවද කියල නම් හරියටම දන්නෙ නෑ. මුලින්ම MobilePartner එක close කරන්න. මේක අනිවර්යෙන්ම කරන්න. ProgrammeFiles වල තියෙන MobilePartner folder එකට ගිහින් SysSetting.xml කියන ෆයිල් එක හොයාගෙන ඒක notepad එකෙන් edit කරගන්න පුලුවන් විදිහට open කරගන්න.C:\ProgrammeFiles\MobilePartner\SysSetting.xml ඊට පස්සෙ පහලින් දලා තියෙන code එක හොයාගන්න.        

බ්ලොග් එකට T20 logo එක දාගන්න

T20 ලෝක කුසලානයට තව දවස් කීපයයිනෙ තියෙන්නෙ. ඉතින් මේ දවස් වල ක්‍රිකට් වලට උනන්දු වෙන හින්ද මට හිතුණා බ්ලොග් එකට T20 logo එක දාගන්න. මේ සැරේ සත්කාරක රට ලංකාව නිසා කවුරුත් සැහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ගැන. ඔන්න පහලින් විජෙට් එක දැම්මා ඕන අය තමන්ගෙ බ්ලොග් එකට දාගන්න. එහෙනම් මම ගියා. ප.ලි - මේක හරියන්නෙ සුදු පාට පසුබිම් තියෙන බ්ලොග් අඩවි වලට විතරයි

Mobile එක නැති වුණොත් හොයා ගන්නෙ කොහොමද - ලංකාවෙ අයට විශේෂයි

අද ජංගම දුරකථනය සුඛොපභෝගී භාණඩ ලයිස්තුවෙන් මිදිලා පාරිභෝගික භාණ්ඩයක් වෙලා. තරුණ පරම්පරාවෙ ඔක්කොම කොහොම හරි බලන්නෙ මිලෙන් අධික ජංගම දුරකථනයක් ගන්න. හදිසියේ හරි ඔය වටිනා දුරකථනය නැති වූණොත්....Mobile Tracker වගේ දේවල් තිබුනට ඒවට නීතිය බල නොපාන හින්දා ලංකාවෙදි නැතිවුණ Phone එක හොයාගන්නෙ කොහොමද කියලා තමයි මම කියන්නෙ. උස්සපු කෙනා Phone එක ebay එකට පටවන්නෙ නැතිව ලංකාවෙ ඇතුලෙ පාවිච්චි කරනවා නම් TRCSL එකට කියලා අපිට හොයා ගන්න පුලුවන්. Phone එක නැති වුන ගමන්ම කරන්න තියෙන්නෙ ඒ නොම්බරයට කථා කරලා බලන්න මුලින්ම. වැඩක් නැත්තම් ඔයා පාවිච්චි කරපු දුරකතන ජාලය අමතලා ඒ SIM එක තාවකාලිකව විසන්දි නරන්න. මේ වැඩේ ඕනම වෙලාවක Call එකකින් කරන්න පුලුවන්. ඊට පස්සෙ Phone එකේ IMEI එකත් අරන් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න මේක ගැන. දාලා ඒ පැමිණිල්ලෙ සහතික කල පිටපතක් (රු 25ක්ද කොහෙද ගන්නවා) අරගන්න. ඒ පැමිනිල්ල පිටපතත් එක්ක 276, ඇල්විටිගල මාවත, කොළඹ 08 හි පිහිටා තියෙන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRCSL එකට) යන්න. (අධ්‍යක්ෂ ජෙනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, 276, ඇල්විටිගල මාවත, කොළඹ 08 කියන ලිපිනයට වි