1960 ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි.
අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network
යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය.
1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය කළ අතර මෙහි සේවය නොමිලේ ඇමෙරිකාණු අධ්‍යාපන ආයතන වලට පිරි නැමුණි. ඒ හා සමඟම ප්‍රාදේශීය වශයෙන් පරිගණක ජාල ඒකාබද්ධ කිරීමක්ද සිදුවිය.
NSFNET වසර 5 කට පසු එනම් 1990 දී පමණ ටීම් බර්නස් ලී නම් තරුණ විද්‍යාඥයා ලෝකයේ ඇති සියළු පරිගණක එක් ජාලයකින් සමන් විය යුතු යැයි සිතූ සිතුවිල්ල සැබෑවිය. ඒ අනුව යමින් www හෙවත් World Wide Web යන අපූර්ව සිතුවිල්ල ලෝකයට දායාද විය.
වර්තමානයේ මෙම අන්තර්ජාලයේ පාලකයා ලෙස කටයුතු කරනුයේ World Wide Web Consortium ආයතනයයි. ලාභ නොලබන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙහි නඩත්තුව AT&T, Sun Micro system, Oracle Inc, Adobe System Inc, Microsoft Corporation ආදී වු ලොව ප්‍රධාන පෙලේ මෘදුකාංග ආයතන විසින් දරනු ලබයි.
Photoshop ගැන දන්නේ මොනවද? දන්නේ ටිකයිද ගොඩයිද? තව ඉගෙන ගන්න ආසයිද? එහෙනම් එකතු වෙන්න PS Lanka එක්ක දැනුම බෙදා හදා ගන්න. ගැටළු නිරාකරණය කර ගන්න වැඩ පෙන්නන්න. http://www.pslanka.tk සහො ඔයාගෙනුත් සහයොගක් තියෙනවනම් මාර වටිනවා
ReplyDelete@ ලැසී : අනිවාර්යෙන්ම සහයෝගයක් දෙන්න පුළුවන්. ගොඩාක ස්තූතියි ආරාධනාවට.
Deletewow fatta.
ReplyDelete@ අයිරාවන ස්තූතියි කොමෙන්ටුවට
Delete