Skip to main content

Windows Experience Index වෙනස් කරමු

Computer කියන Icon එක Right Click කරලා Properties වල පහලින් පෙනෙන Window එකක් දකින්න ලැබෙනවා.

 

ඔය වින්ඩෝ එකේ දකුණු පැත්තෙ නිල් පාට කොටුවකින් දකින්න ලැබෙන්නෙ  Windows  Experience Index
එක. මේකෙ තියෙන විදිහට නම් Windows 7 Experience Index එක 5.5 යි. අපගේ පරිගනකයේ දෘඪාංග හා මෘදුකාංග වල ශක්‍යතාවය මනින අගයක් ලෙස මෙය නම් කරන්න පුළුවන්. මෙහි අගය පරාසය 1.0 සිට 7.9 දක්වා විහිදී යනවා. 
  1. ප්‍රොසෙසරය මඟින් තත්පරයකදී සිදු කරන ගණනය කිරිම් ගණන
  2. RAM මඟින් සිදුකරන මෙහෙයුම් ගණන
  3. Graphic Card එකෙහි ශක්‍යතාව
  4. Hard Disk  එක මඟින් දත්ත හුවමාරු වේගය
ආදී වූ කරුණු සලකා ඒ එක එකෙහි ශක්‍යතාවන්ට යම් අගයක් සාපේක්ෂව ලබා දීම මෙමඟින් සිදු කරයි. Win Sat නැත්තම් Windows System Assessment tool එක මඟින් තමයි මෙහි ශක්‍යතාවය ගනනය කරන්නෙ. ඒ වගේම මෙම අගය පරිගනකයේ අඩුම හැකියාවක් ඇති දෘඩාංග හා මෘදුකාංග මත රඳා පවතිනවා. ඔය උඩ දාලා තියෙන screen shot එකේ බැලුවොත් ඒක හොඳටම තේරෙයි. එහි RAM හි සක්‍යතාවය (5.5) අඩුම වන අතර Graphic හි (7.9) උපරිම අගයක් ගනී. නමුත් සමස්ථ WEI අගය ලෙස 5.5 ක් පෙන්වයි.

ඉතින් දැන් කියන්න හදන්නෙ ටිකක් අඩු අගයක් තියෙන පරිගනකයක කොහොමද මේ අගය වැඩි කරගන්නෙ කියලා. මේක එච්චර වැඩක් නැති වුනත් ඕන වෙන වෙලාවන් තියෙනවා.


  1. මුලින්ම කරන්න තියෙන්නෙ C:\ Windows \Performance \WinSAT \DataStore කියන file path එකට යන්න 
  2. ඊළඟට එහි තියෙන Formal.Assessment (Initial).WinSAT.xml කියන File එක තෝරගන්න. සමහර වෙලාවට මේ Assessment එක කිහිප වතාවක් කරලා තියෙනව නම් අන්තිමට කරපු දිනයේ File එක තෝර ගන්න වෙනවාIncrease Windows 7 Experience Index to Get Highest Score 7.9 Rating
  3. ඊට පස්සෙ එම xml file  එක WordPad එක මඟින් open කර ගන්න. (NotePad එකේ පිළිවලක් නැති වෙන්න පුළුවන්)
  4. දැන් මෙන්න මේ කොඩ් එක හොයාගන්න <SystemScore>5.5</SystemScore> ඔතන 5.5 වෙනුවට තියෙන්නෙ ඔයාලගෙ පරිගණකයේ WEI Rating එක. 
  5. ඒ අගය 7.9 ට හෝ ඊට පහල කැමති අගයකට වෙනස් කරගන්න. දැන් වැඩේ හරි. හැබැයි සමහර වෙලාවට Windows Folder එකේ මේ වැඩේ කරන්න දෙන එකක් නෑ. ඒ වෙලාවට ඒ File එක වෙන තැනකට Copy කරගෙන Edit කරල ආපහු කලින් Path එකටම Paste කරන්න.
දැන් Computer---[Right Click]--->Properties ගියාම පහලින් වගේ Screen Shot  එකක් පෙන්නයි.

Increase Windows 7 Experience Index to Get Highest Score 7.9 Rating
එහෙනම් මං ගියා. උදව්වක් ඕන වුනොත් කියන්නකෝ.

Comments

  1. එල එල..

    ReplyDelete
  2. සුපිරිනේ බන්

    ReplyDelete
    Replies
    1. @ මඩිස්සලේ නිශාන් : ස්තූතියි කොමෙන්ටුවට

      Delete

Post a Comment

Popular posts from this blog

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ. එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL. DSL වර්ග කීපයක්ම තියෙනවා DSL Type Description Data Rate Downstream; Upstream Distance Limit Application IDSL ISDN Digital Subscriber Line 128 Kbps 18,000 feet on 24 gauge wire Similar to the ISDN BRI service but data only (no voice on the same line) CDSL Consumer DSL from Rockwell 1

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.       දැන් Huawei Mobile PartnerSoftware ඒක download කරලා install කරන්න. 8.       දැන් dongle ඒකට ඔනම sim card ඒකක් දාලා try කරන්න. වැඩේ ගොඩ.     මතක ඇතුව පහලින් co

ෆොන් Unlock කරන්න කැමති අයට

ෆොන් අන්ලොක් කරන්න කැමති අයට මෙක ගොඩක් වැදගත් වෙයි...ඉතින් කැමති හැමොම මේක බා ගන්න..මම පහ්ල ලින්ක් දිලා තියෙනවා මේ තමා මෘදුකංගය Support කරන ෆොන්.. Nokia Motorola Samsung Sagem Sony Ericsoon Alcatel Siemens Panasonic මෘදුකාංගය මෙතනින් බා ගන්න / 24MB මතක ඇතුව ඔයාලගේ අදහසක් මේ ලිපියට දිලා යන්න.. 2012-09-19 දින සබැදිය සංශෝධනය කරන ලදී