Skip to main content

Linux ගැන දැන ගනිමු

 සෑහෙන්න දවසකට පස්සෙ තමයි නිවී සැනසිල්ලෙ බ්ලොග් එක පැත්තට ආවෙ. සරසවි ජීවිතයේ යාන්තම් එක අවුරුද්දක් ගෙවා ගත්තා. නත්තලට දාපු බ්ලොග් විජෙට් එකත් ඔන්න අයින් කළා දැන් ඉතින් මොන නත්තල්ද.

ඔන්න ඉතින් මේ ටිකේම වැඩ වැඩි නිසා ලිපි දාන්නත් බැරි වුණා ඒත් බ්ලොග් එක පැත්තෙ ආපු පිරිසෙ නම් අඩුවක් නෑ. ඇත්තටම තියෙන ලොකුම සතුටත් ඒකම තමයි. අද ටිකක් වෙනස් දෙයක් ගැන කියන්න හිතුණා මොකද පහුගිය දවස් ටිකේම වැඩ කළේ ලිනක්ස් වල. ඉතින් ඒක ගැන ටිකක් ලියන්න හිතුණා.

ලිනක්ස් කියන්නෙත් OS එකක් එහෙම නැත්තම් මෙහෙයුම් පද්ධතියක්. ලිනක්ස් වල ඉතිහාසය ගැන කියන්න යුනික්ස් ගැන නොකියා බෑ. මොකද යුනික්ස් හි කර්නලය තවදුරටත් වැඩි දියුණු කරමින් C භාෂාව ආශ්‍රිතව වැඩි දියුණු කරන ලද මෙහෙයුම් පද්ධතියක් තමයි ලිනක්ස් නමින් එළි දක්වන්නෙ. AT & T හා Bell පර්යෙෂණාගරායේ පර්යේෂන කරපු ඩෙනිස් රිචේ සහ කෙන් තොම්සන් යන මහත්වරුන්ගේ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස තමා Unix උපදින්නේ. මේ ඩෙනිස් රිචේ කියන්නේ අපි අදටත් භාවිතා කරන C පරිගණක භාෂාව ලෝකෙට හදුන්වාදීපු පුද්ගලයා. කෙන් තොම්සන් විසින් ලියන ලද කේත ඩෙනිස් රිචේ විසින් නැවත C භාෂාවෙන් ලියලා තමා Unix Kernel එක එළිදැක්වෙන්නේ.

ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල වල අධ්‍යයන කටයුතු සඳහා බහුලව භවිතා වුණා.1991 දි ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්යාලයේ දෙවන වසර සිසුවකු වූ ලිනස් ටොර්වල්ඩ්ස් Unix කර්නලය නැවත වෙනස් කර ලියමින් Linux නම් වූ අපූර්ව මෙහෙයුම් පද්ධතිය ලෝකෙට බිහි කරා.  පසු කාලීන ව IBM, Sun  Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන ව ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම හා නිදහස මෙහි සාර්ථකත්වයට හේතුවී ඇත.

ලිනක්ස් හොඳ වෙන්නෙ ඇයි???
  1. නොමිලයේම ලබා ගත හැකි වීම
  2. වෛරස් ආසාදන ඉතා අඩු වීම
  3. කිසිඳු ආකාරයේ දෘඩාංග මෘදුකාංග අනවශ්‍ය වීම (Drivers අනවශ්‍ය වීම)
  4. පරණ පරිගණක වල පවා නවතම සංස්කරණ භාවිතා කල හැකි වීම.

ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට හොඳ උදාහරණයක් වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් OSමෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට පුළුවන්.

අපි ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්. ඉතින් දැන් ඒ වගේම පාවිච්චි කරන්න පුළුවන් ලිනක්ස් සංස්කරණ කීපයක්ම තියෙනවා.

ඒ ගැන විස්තර ඊළඟ ලිපියෙන් ........

Comments

Popular posts from this blog

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.  ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ අන්තර්ජාලය

  යුද්ධය ජීවිත හා දේපළ විනාශ කර දමන අමිහිරිතම අත් දැකීමකි. නමුත් ඒ අමිහිරිත මතකයන් අතුරින් යුද්ධයේ අතුරු නිමැයුමක් ලෙස ලොවට දායාද වු අනර්ග නිපැයුම් නැතුවාද නොවේ. ඔබ මා දන්නා සත්‍යයක් නම් වර්ථමානයේ වුවද භාවිතා වන ෆොක්ස්සොගන් රථය අමිහිරි යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ නිමැයුමකි. 1960  ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි. අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network  යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය. 1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය...