Skip to main content

ලිනක්ස් හි ඩිස්ට්‍රෝ ගැන දැන ගනිමු



ඊයෙ ලියපු ලිපියෙ ඉතිරි ටික ලියන්න හිතාගෙන අද උදෙන්ම ආවා බ්ලොග් එක පැත්තෙ. ඉතින් අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් ඉහලින්ම සමත් වුණ සියළු දෙනාටම මගේ සුභ පැතුම්. මේ සැරේ ලංකාවෙන්ම එක වුණෙ හම්බන්තොට දිස්ත්‍රික්කය නිසා ඒ ගැනත් මතක් කරන්න ඕන. ගණිත අංශයෙන් හා ජීව විද්‍යා අංශ වලින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වුණ ඒ මල්ලිලා දෙන්නට සුභ පැතුම් එකතු කරමින් පෝස්ටුවේ ඉතිරි ටික ලියන්නයි ලෑස්තිවෙන්නෙ

Ubuntu - "Humanity to others"(මනුෂ්‍යත්වයෙන් හැමෝටම)


 

ලිනක්ස් බෙදාහැරීම් අතර  ජනප්‍රියම මොහයුම් පද්ධතිය මෙය වේ. මීට වසර 5-6 කට පමණ පෙර මෙහි බෙදා හැරීම් නොමිලයේ නිවසටම තැපැල් මඟින් එවූ අතර එමඟින් ලොව පුරා තම පරිශිලක ප්‍රමාණය ඉහල මටිටමකට ගෙන ගියහ. මෙය බහුලවම භාවිතා කරන ලිනක්ස් ඩිස්ට්‍රෝවයි.
 මෙහි විවිධ සංස්කරණ කීපයක්ම තිබූ අතර එනම්,
Lubuntu යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
Edubuntu යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
Xubuntu යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසුවිය.
Kubuntu Dual-boot සඳහා විශේෂයෙන්ම සැකසූ මෙහෙයුම් පද්ධතිය වන අතර මේ වන විට විවිධ මෘදුකාංග රාශියකින් සැදුම්ලත් මෙහෙයුම් පද්ධතියක් වී ඇත.

 

ලිනක්ස් මින්ට් - "From freedom came elegance" (නිදහසේ චමත්කාරය)


http://linuxfreedom.com/images/LinuxMintLogo2.jpg 

මේක එතරම් ජනප්‍රිය නැති වුණත් භාවිතයට ඉතා පහසු ආධුනිකයෙකුට වුණත් පහසුවෙන් තම කාර්යයන් කරගත හැකි මෙහෙයුම් පද්ධතියකි. 2006 සිට මේ දක්වා සංස්කරණ කීපයකින් මෙය සමන්විත වුනා. මේවන විට ලිනක්ස් පරිශීලකයන් අතර දෙවැනි ස්ථානය ලිනක්ස් මින්ට් හට හිමි වී තිබෙනවා.
Debian සහ Ubuntu කර්නල මත පදනම්ව ගොඩ නගා ඇති මෙම ඩිස්ට්‍රෝව තුල විවිධ වර්ගයේ මෘදුකාංග 30,000ක් පමණ ධාවනය කළ හැකි බව නිර්මාණකරුවන් පවසයි. ආරක්ෂාව , විශ්විසනීයබව, අවම නඩත්තුව ආදී කාරණා රාශියක් නිසා මේ වන විට මෙහි භාවිතය දිනෙන් දින ඉහල යමින් ඇත. මම භාවිතා කරන්නෙත් මෙහි අළුත්ම සංස්කරණ වන නාඩියා සංස්කරණයයි. භාවිතයේ කිසිඳු අපහසුවක් මේ වන විට ඇති වී නැත.
ලිනක්ස් මින්ට් හි සියළුම සංස්කරණ ගැන දැන ගැනීමට http://www.linuxmint.com/oldreleases.php ලිපිනයට පිවිසෙන්න.

ෆෙඩෝරා-(Freedom. Friends. Features. First)


ලිනක්ස් හි තවත් අලංකාර භාවිකයට පහසු මෙහෙයුම් පද්ධතියක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන්.  රෙඩ් හැට් නැමැති ව්‍යාපෘතිය නවතා දැමූවට පසු මෙම ව්‍යාපෘතිය ආරම්භ කල අතර ලිනක්ස් හි ඉතා දියුණු මට්ටමේ සංස්කරණයක්. Freedom. Friends. Features. First ලෙස මොවුන් තමන්ගේ මූලික හරයන් ඉදිරිපත් කරන අතර වසරකට දෙවතාවක් නව සංස්කරණයක් ඉදිරිපත් කරන අතර ඒ හා සමඟ මෘදුකාංග රැසකුත් හඳුන්වාදෙයි. මෙම සංස්කරණය පිළිබඳව දැන ගැනීමට http://www.fedoraproject.org අඩවියට පිවිසෙන්න



 

ඕපන් සූසේ



සුසේ සමාගම විසින් වැඩි දියුණු කල මෙම ඩිස්ට්‍රෝව හි හිමිකාරිත්වය 2004 සිට නොවෙල් සමාගම සතු විය. ඉන් අනතුරුව මෙය විවෘත මෘදුකාංගයක් ලෙස ලිනක්ස් පරිශිලකයන්ට ලබා දීමට එම ආයතනය කටයුතු කළේය. භාවිතයට තරමක් පහසු මෙය ජාලගත පරිගණක සඳහා බහුලව භාවිතා කරයි. මේ පිළිබඳ තොරතුරු http://www.opensuse.org/en/ මඟින් ලබා ගත හැක.

හන්තාන ලිනක්ස්


ලංකාවට ගැලපෙන ලෙස වැඩි දියුණු කළ මෙම ලිනක්ස් ඩිස්ට්‍රෝව ෆෙඩොරා හි සම්මිශ්‍රණයක් ලෙස දක්වා ඇත. Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවකින්ද සමන්විතවේ. ස්ථාපනය කල සැණින් සියලූ පහසුකම් වලින් යුක්ත බැවින් පරිශිලකයාට ඉතා පහසුවක් ගෙන දේ. සිංහල යුනිකෝඩ් පහසුකමද සමන්විතවේ.


 සහළාන ලිනක්ස්


Logo ලාංකික ලිනක්ස් පරිශිලකයන් සඳහා අළුතින්ම එකතුවුණ ලිනක්ස් ඩිස්ට්‍රෝවකි. සහළාන යනු මනුස්සකම ඇත්තාට ගෞරවයෙන් කරන්නා වූ ආමන්ත්‍රනයකි. ලංකාවේ උබුන්ටුහෙවත් ඔබ වෙනුවෙන් අපි සිටින්නා වූ මනුස්සකම සංකේතවත් කිරීමට තිබෙන්නා වූ හොඳම පදය සහළාන බව මෙහි නිර්මාණකරුවන්ගේ අදහසයි.ස්ථාපනය කළ සැණින් පරිශිලකයාට අවශ්‍ය මෘදුකාංග රාශියක් මෙහි අන්කර්ගත වන අතර එනම්.
LibreOffice, Gimp, FireFox,Wine... ආදිය වේ. මේ පිළිබඳව වැඩිදුර විස්තර
http://www.sahalana.org මඟින් ලබාගත හැකිය





මීට අමතරව ලිනක්ස් හි විවිධ ඩිස්ට්‍රෝ රාහියක් ඇති අතර ඉන් බොහෝමයක් ස්ථාපනය නොකර Live Demo හෙවත් සංයුක්ත තැටියේදීම ධාවනය කර අත්හදා බැලිය හැක.ලිනක්ස් ඩිස්ට්‍රෝ රාශියක් අඩංගු සර්වර් ලිපිනයක් පහතින් දක්වා ඇති අතර එමඟින් අවශ්‍ය සංස්කරණයන් ආපාතනය කරගන්න. නැවත හමුවෙමු.

http://mirror.learn.ac.lk/

Comments

Popular posts from this blog

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.  ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

පරණ පැන්සල අළුත් වෙයි - "පැන්සල" Real Time Sinhala Unicode Converter

පැන්සල ගැන ඉතින් ලංකාවෙ අපිට අළුතෙන්ම කියන්න දෙයක් නෑනෙ. ඒ තරමටම ඒක ලොකු පොඩි කවුරු අතරත් famous .මොකද සිංහල වචනයක් කොටා ගන්න character map එකේ හැතැම්ම කීයක් උඩට පහළට ගියපු අයට ඒක පට්ටෙටම වටිනවා. But අද මම කියන්න ආවෙ ඒකෙ අළුතින් release වුණ  version  එක ගැන කියන්න.  ඒ 2.13.7.1 . ඊයෙ තමයි මේක release වුණෙ. කලින් තිබුණ features ඔක්කොම වගේම, අළුත්ම feature ගොඩක් එක්ක පොඩි Metro look එකකකුත් මේ application එකට දීලා තියෙනවා.  ඒ අතරින් මට නම් ගොඩක්ම interesting වුණෙ අළුතින් add කරපු word suggestion එක. ඔන්න පහතින් දාන screen shot එක බලන්නකෝ ඒක නම් සිරා. අපි වචනයක් type කරගෙන යනකොට මේ විදිහට suggestion කීපයක් පෙන්නනවා. අපිට අවශ්‍ය වචනය select කරගන්න ඒ වචනයට අදාල number එක press  කරන්න විතරයි ඕනෙ. Arrow keys, mouse, enter මුකුත් නෑ. one shot. ඒවගේම තව virtual key board එකකකුත් දාලා තියෙනවා. ඔන්න ඒකත්. කලින් පැන්සල පාවිච්චි කරද්දි අහුවුණ bugs ඔක්කොම වගේ හදලා තියෙනවා කියලා තමයි කියන්නෙ. දැන් ඉතින් අමුතුවෙන් මහන්සි නොවී ලේසියෙන්ම වැඩේ...