Skip to main content

කුඩා ඵලක පරිගනක (Tablet PCs) සමාලෝචනය

 Tablet PCs නැත්තම් tab ගැන ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Tab concept එක Microsoft ලගෙ වුනාට මේක අල්ලල ගියේ Apple i Pad එකත් එක්ක. ටැබ් වලට තියෙන ඉල්ලුමත් දින පතාම වැඩිවෙන නිසා ටැබ් එකක් ගන්න කලින් හිතන්න ඕන වැදගත් කරුණු ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතුනා මොකද ඊයෙ දවසට 4 දෙනෙක්ම කතා කරල අහුවා ටැබ් එකක් ගන්න නම් මොනවද හොද brands කියල.

Screen Size, Type and Touch Quality

Tablet එකේ touch screen එක ගොඩාක් පාවිච්චි වෙන හින්දා හොඳ touch sensitive එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි screen size එකත් 7" වත් වෙන්න ඕන. දැන් එන screen ගොඩාක් ඒව capacitive touch screen ඒත් සමහර ඒව තියෙනවා resistive touch-screen. විශේෂයෙන්ම මිලෙන් අඩු බොහොමයක් tab වල තියෙන්නෙ resistive නිසා ගන්නා කලින් ටිකක් හොඳට බලන්න.

Operating System

මේකෙ වැදගත්කම අමුතුවන් කියන්න ඕනෙ නෑනේ. කොච්චර open source linux OS ආවත් අපි ගොඩාක් දෙනෙක් වැඩ කරන්න කැමති Windows වලනේ. ඉතින් අළුත් ගොඩාක් tab වල තියෙන්නෙ Android (Honeycomb හරි ICS) තමයි. iOS එකත් ගොඩාක් හොඳයි. තාම හොඳට පාවිච්චි නොකලත් Windows 8 වුනත් වරදක් නෑ. හැබැයි ඔයාලට ඕන ගොඩාක් application පාවිච්චි කරන්න පුළුවන් OS එකක් තෝර ගන්න.

User-Available Memory

ටැබ් එකක් ගන්න කලින් ගොඩාක් දෙනෙක් නොදන්නෙ මෙන්න මේක ගැන. හැබැයි smart phone එකක් හරි පාවිච්චි කරනවනම් ටිකක් හරි දන්නව. Internal memory එක ගොඩක් ලොකු වුනාට ඊට සාපේක්ෂව user available memory එකත් තියෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට Micromax Funbook එකේ internal memory එක 4GB වුනාට user available memory එක 1.83GB ඉතින් මේක 3GB ට වඩා වැඩි වෙනවනම් හොඳයි. නැත්තම් tab එක ගොඩාක් slow වෙන්න පුළුවන් ටික දවසක් යනකොටම.

Processor & Connectivity

දැන් ගොඩාක් smart phone වල processor එකත් 1GHz එනවා. ඉතින් tab එකක අඩුම තරමෙ 1.2GHz වත් තියෙන්න ඕන. WiFi වලින් internet connect වෙන්න processor speed එකත් වැදගත්. ඒ වගේම Wi-Fi, USB dongle, Bluetooth, etc වගේ පහසුකම් සහ ඒවාගේ හුවමාරු වේගයන් ගැනත් සැළකිලිමත් වෙන්න.

Battery & Price


මෙන්න මේක තමයි ලොකුම අවුල. මම tab වලට ආසා නැත්තෙ ඒකෙ ප්‍රමාණය ලොකු නිසාත්, ගාන වැඩි නිසාත්, දවසගානෙ charge කරන්න වෙන නිසයි. බැටරි අතින් බලන කොට නම් i Pad ගොඩාක් ඉහලින් ඉන්නවා.

මේ කරුණු ඔක්කොම බැලුවම ගන්න හොඳ ටැබ් ටිකක් පහලින් දාන්නම්.

Asus Google Nexus 7


Samsung Galaxy Tab 10.1


Sony Tablet S

මම නම් ගන්නෙ Google Nexus 7 තමයි. ඔයාලගෙ comment එකත් දාලම යන්නකෝ.

Comments

  1. Replies
    1. ගොඩාක් ස්තූතියි ඔයාටයි ඔයාගෙ සින්ඩියටයි

      Delete

Post a Comment

Popular posts from this blog

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.  ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

පරණ පැන්සල අළුත් වෙයි - "පැන්සල" Real Time Sinhala Unicode Converter

පැන්සල ගැන ඉතින් ලංකාවෙ අපිට අළුතෙන්ම කියන්න දෙයක් නෑනෙ. ඒ තරමටම ඒක ලොකු පොඩි කවුරු අතරත් famous .මොකද සිංහල වචනයක් කොටා ගන්න character map එකේ හැතැම්ම කීයක් උඩට පහළට ගියපු අයට ඒක පට්ටෙටම වටිනවා. But අද මම කියන්න ආවෙ ඒකෙ අළුතින් release වුණ  version  එක ගැන කියන්න.  ඒ 2.13.7.1 . ඊයෙ තමයි මේක release වුණෙ. කලින් තිබුණ features ඔක්කොම වගේම, අළුත්ම feature ගොඩක් එක්ක පොඩි Metro look එකකකුත් මේ application එකට දීලා තියෙනවා.  ඒ අතරින් මට නම් ගොඩක්ම interesting වුණෙ අළුතින් add කරපු word suggestion එක. ඔන්න පහතින් දාන screen shot එක බලන්නකෝ ඒක නම් සිරා. අපි වචනයක් type කරගෙන යනකොට මේ විදිහට suggestion කීපයක් පෙන්නනවා. අපිට අවශ්‍ය වචනය select කරගන්න ඒ වචනයට අදාල number එක press  කරන්න විතරයි ඕනෙ. Arrow keys, mouse, enter මුකුත් නෑ. one shot. ඒවගේම තව virtual key board එකකකුත් දාලා තියෙනවා. ඔන්න ඒකත්. කලින් පැන්සල පාවිච්චි කරද්දි අහුවුණ bugs ඔක්කොම වගේ හදලා තියෙනවා කියලා තමයි කියන්නෙ. දැන් ඉතින් අමුතුවෙන් මහන්සි නොවී ලේසියෙන්ම වැඩේ...