Tablet PCs නැත්තම් tab ගැන ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Tab concept එක Microsoft ලගෙ වුනාට මේක අල්ලල ගියේ Apple i Pad එකත් එක්ක. ටැබ් වලට තියෙන ඉල්ලුමත් දින පතාම වැඩිවෙන නිසා ටැබ් එකක් ගන්න කලින් හිතන්න ඕන වැදගත් කරුණු ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතුනා මොකද ඊයෙ දවසට 4 දෙනෙක්ම කතා කරල අහුවා ටැබ් එකක් ගන්න නම් මොනවද හොද brands කියල.
Processor & Connectivity
දැන් ගොඩාක් smart phone වල processor එකත් 1GHz එනවා. ඉතින් tab එකක අඩුම තරමෙ 1.2GHz වත් තියෙන්න ඕන. WiFi වලින් internet connect වෙන්න processor speed එකත් වැදගත්. ඒ වගේම Wi-Fi, USB dongle, Bluetooth, etc වගේ පහසුකම් සහ ඒවාගේ හුවමාරු වේගයන් ගැනත් සැළකිලිමත් වෙන්න.
Battery & Price
මෙන්න මේක තමයි ලොකුම අවුල. මම tab වලට ආසා නැත්තෙ ඒකෙ ප්‍රමාණය ලොකු නිසාත්, ගාන වැඩි නිසාත්, දවසගානෙ charge කරන්න වෙන නිසයි. බැටරි අතින් බලන කොට නම් i Pad ගොඩාක් ඉහලින් ඉන්නවා.
මේ කරුණු ඔක්කොම බැලුවම ගන්න හොඳ ටැබ් ටිකක් පහලින් දාන්නම්.
මම නම් ගන්නෙ Google Nexus 7 තමයි. ඔයාලගෙ comment එකත් දාලම යන්නකෝ.
Screen Size, Type and Touch Quality
Tablet එකේ touch screen එක ගොඩාක් පාවිච්චි වෙන හින්දා හොඳ touch sensitive එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි screen size එකත් 7" වත් වෙන්න ඕන. දැන් එන screen ගොඩාක් ඒව capacitive touch screen ඒත් සමහර ඒව තියෙනවා resistive touch-screen. විශේෂයෙන්ම මිලෙන් අඩු බොහොමයක් tab වල තියෙන්නෙ resistive නිසා ගන්නා කලින් ටිකක් හොඳට බලන්න.Operating System
මේකෙ වැදගත්කම අමුතුවන් කියන්න ඕනෙ නෑනේ. කොච්චර open source linux OS ආවත් අපි ගොඩාක් දෙනෙක් වැඩ කරන්න කැමති Windows වලනේ. ඉතින් අළුත් ගොඩාක් tab වල තියෙන්නෙ Android (Honeycomb හරි ICS) තමයි. iOS එකත් ගොඩාක් හොඳයි. තාම හොඳට පාවිච්චි නොකලත් Windows 8 වුනත් වරදක් නෑ. හැබැයි ඔයාලට ඕන ගොඩාක් application පාවිච්චි කරන්න පුළුවන් OS එකක් තෝර ගන්න.User-Available Memory
ටැබ් එකක් ගන්න කලින් ගොඩාක් දෙනෙක් නොදන්නෙ මෙන්න මේක ගැන. හැබැයි smart phone එකක් හරි පාවිච්චි කරනවනම් ටිකක් හරි දන්නව. Internal memory එක ගොඩක් ලොකු වුනාට ඊට සාපේක්ෂව user available memory එකත් තියෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට Micromax Funbook එකේ internal memory එක 4GB වුනාට user available memory එක 1.83GB ඉතින් මේක 3GB ට වඩා වැඩි වෙනවනම් හොඳයි. නැත්තම් tab එක ගොඩාක් slow වෙන්න පුළුවන් ටික දවසක් යනකොටම.Processor & Connectivity
දැන් ගොඩාක් smart phone වල processor එකත් 1GHz එනවා. ඉතින් tab එකක අඩුම තරමෙ 1.2GHz වත් තියෙන්න ඕන. WiFi වලින් internet connect වෙන්න processor speed එකත් වැදගත්. ඒ වගේම Wi-Fi, USB dongle, Bluetooth, etc වගේ පහසුකම් සහ ඒවාගේ හුවමාරු වේගයන් ගැනත් සැළකිලිමත් වෙන්න.
Battery & Price
මෙන්න මේක තමයි ලොකුම අවුල. මම tab වලට ආසා නැත්තෙ ඒකෙ ප්‍රමාණය ලොකු නිසාත්, ගාන වැඩි නිසාත්, දවසගානෙ charge කරන්න වෙන නිසයි. බැටරි අතින් බලන කොට නම් i Pad ගොඩාක් ඉහලින් ඉන්නවා.
මේ කරුණු ඔක්කොම බැලුවම ගන්න හොඳ ටැබ් ටිකක් පහලින් දාන්නම්.
Asus Google Nexus 7 |
Samsung Galaxy Tab 10.1 |
Sony Tablet S |
මම නම් ගන්නෙ Google Nexus 7 තමයි. ඔයාලගෙ comment එකත් දාලම යන්නකෝ.
එල
ReplyDeleteගොඩාක් ස්තූතියි ඔයාටයි ඔයාගෙ සින්ඩියටයි
Delete