Skip to main content

Kali Linux - "හැක්ර්ලාගේ තේරීම"

 

ලිනක්ස් මෙහෙයුම් පද්ධති පිළිබඳ ලිපි කීපයක් මීට පෙර පළ කලා. ඉතින් අද කියන්න හදන්නෙ සුවිශේෂී ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් පිළිබඳවයි. මෙය කාලි ලිනක්ස් නමින් දැන් හැඳින්වුවද මිට පෙර Blacktrack Linux ලෙස වඩාත් ප්‍රචලිත වුණා. Hack කිරීමට අවශ්‍ය tools රාශියක් අඩංගුකර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය Blacktrack හි 6 වන සංස්කරණය ලෙස දැක්විය හැක.

එහි පෙර සංස්කරණවල තිබූ tools සියල්ලම සමඟ නව tools කීපයක්ද එකතු කර ඇති අතර එහි නිපැයුම්කරුවන් පවසන අන්දමට මේ වන විට tools 300කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වේ. මීට අමතරව පෙර සංස්කරණ වලට වඩා ස්ථායි (stable) සංස්කරණයක් ලෙසද මෙය දැන්විය හැක.


Kali Linux මඟින් සිදුකල හැකි කාර්යයන් රාහියක් ඇති අතර මෙමඟින් හැකර් වරුන්ගේ කාර්යභාරය වඩාත් පහසු කර ඇත. අන්තර්ජාලය තුල මේ සම්බන්ධව ලියැවුණ ලිපි රාශියක් ඇති අතර www.kali.org වෙත පිවිස මෙය බාගත කල හැක. තවද එහි blog අඩවිය සහ පෝරමය මඟින් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැක.

www.kali.org


Comments

  1. දාගෙන බලන්න ඕනේ... :v

    ReplyDelete
  2. web site ekak thiyenawa.....set wenna kamathinam mail ekak danna.....kdjayakody1997@gmail.com

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.  ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ අන්තර්ජාලය

  යුද්ධය ජීවිත හා දේපළ විනාශ කර දමන අමිහිරිතම අත් දැකීමකි. නමුත් ඒ අමිහිරිත මතකයන් අතුරින් යුද්ධයේ අතුරු නිමැයුමක් ලෙස ලොවට දායාද වු අනර්ග නිපැයුම් නැතුවාද නොවේ. ඔබ මා දන්නා සත්‍යයක් නම් වර්ථමානයේ වුවද භාවිතා වන ෆොක්ස්සොගන් රථය අමිහිරි යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ නිමැයුමකි. 1960  ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි. අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network  යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය. 1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය...