
ඉතින් මේ software එකේ නම CameraMouse. පරිගනකයේ වෙබ් කැම් එකෙන් අපේ හිසේ චලන පාවිච්චි කරලා ඒක mouse එක move කරන්න යොදාගෙන තියෙනවා. එක තැනක තත්පර කීපයක් නවතා තබන විට ඒක click එකක් කරගන්න වුණත් settings වලින් පුළුවන්.ඇත්තටම මේක ඊලඟ පරම්පරාවෙ මෘදුකාංගයක් කිව්වොත් මම නිවැරදියි.
මේක හදලා තියෙන්නෙ ඇමරිකාවෙ බොස්ටන් විශ්ව විදයාලය මඟින්. අත් දෙක අහිමි එහෙත් තම හිස සොලවා ගත හැකි පුද්ගලයන්ට පරිගනකය භාවිතය පහසු කිරීම මෙහි මූලික අරමුණ වෙලා තියෙනවා. අපේ වැඩිපුර අවධානයක් යොමු නොවෙන පිරිසකට මේ මඟින් සාධාරනයක් ඉෂ්ට කරලා තියෙන එකට අපි හැමෝම සතුටු වෙන්න ඕන.
මේ ගැන වැඩි විස්තර www.cameramouse.org අඩවියෙන් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මාදුකාංගයේ නවතම සංස්කරනය පසුගිය 19 වෙනිදා ලබා දුන්නා. මෙය 100% නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක්. දැන්න බාගන්න ඕනෙ නම් මෙතනින් යන්න 15MB විතර file එකක් තියෙන්නෙ.
මාත් මේක උත්සහ කලා. මුලින් නම් ටිකක් අමාරුයි. ඔන්න බෙල්ල එහෙම උළුක් කරගන්නෙ නැතිව උත්සහ කරලා බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්. පෝස්ට් එක වැදගත් වුනා නම් comment එකක් දාලා යන්න. එතකොට තමයි බ්ලොග් එක පැත්තෙ එන්නවත් හිතෙන්නෙ.
ෂා මේකනම් පට්ටයි අයියේ....
ReplyDelete@ උමා (දසුන්) ගොඩාක් ස්තූතියි comment එකට.
Deleteමේක නම් එල මචන්...
ReplyDelete