මේ post එකෙන් කියන්නෙ සිංහල typing වලටම හදපු අලුත් software එකක් ගැන. නම තමයි " The පැන්සල". සිංහල ටයිප් කරන එක ටිකක් අමාරු වැඩක් නෙ. ඒ වුනාට යුනිකෝඩ් ආවට පස්සෙ ඒක ටිකක් ලේසි වුනා. සිංහල භෂාව සංකීර්ණ වැඩි කමටම නිවැරදිව ටයිප් කරන එක ගොඩාක් අමාරුයි. ඉතින් මේ ඔක්කොටෝම හොදම විසදුම තමයි මේ software එක.
ඒ විතරක් නෙමෙයි. මේක මගේ යාළුවෙක් හදල තියෙන්නෙ. රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තමයි ඉගෙන ගන්නෙ. නම තුසිත මනතුංග. නියම වැඩ කාරයෙක්. සිංහල යුනිකෝඩ් software වල තිබුන ඔක්කොම අවුල් විසඳලා මේකෙන්. මොකද මේකෙ office කියන option එක enable කරගත්තම font එක වුනත් වෙනස් කරගන්න පුලුවන්. ඒ කිව්වෙ අපි ඉස්සර පාවිච්චි කරපු DL, FM, FS වගේ ඕනම ෆොන්ට් එකකින් අපේ ලිපි සකසා ගන්නත් පුලුවන්.තව කියනව නම් සිංහල ටයිප් කරන ගමන් ඉංග්‍රීසී ටයිප් කිරීමට පැන්සල off කිරීමටම අවශ්‍ය නැත. ඒ සදහා "Insert" key එක භාවිතා කළ හැක.
Shortcuts :
ඉංග්‍රීසී-සිංහල මාරු වීම: Insert
පැන්සල off කිරීම: Esc
දැනට ටයිප් වී ඇති වචනය clear කිරීම: Ctrl+Shift+C
ඔන්න පහලින් මම link එක දම්මා. ඔයාලත් එයාගෙ site එකටම ගිහින් download කරගන්න පැන්සල උඩ click කරන්නකෝ.
එලකිරි මචන් මේක මරුවට වැඩ කරා.
ReplyDelete