Tablet PCs නැත්තම් tab ගැන ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Tab concept එක Microsoft ලගෙ වුනාට මේක අල්ලල ගියේ Apple i Pad එකත් එක්ක. ටැබ් වලට තියෙන ඉල්ලුමත් දින පතාම වැඩිවෙන නිසා ටැබ් එකක් ගන්න කලින් හිතන්න ඕන වැදගත් කරුණු ටිකක් මතක් කරන්න ඕනෙ කියල හිතුනා මොකද ඊයෙ දවසට 4 දෙනෙක්ම කතා කරල අහුවා ටැබ් එකක් ගන්න නම් මොනවද හොද brands කියල. Screen Size, Type and Touch Quality Tablet එකේ touch screen එක ගොඩාක් පාවිච්චි වෙන හින්දා හොඳ touch sensitive එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි screen size එකත් 7" වත් වෙන්න ඕන. දැන් එන screen ගොඩාක් ඒව capacitive touch screen ඒත් සමහර ඒව තියෙනවා resistive touch-screen. විශේෂයෙන්ම මිලෙන් අඩු බොහොමයක් tab වල තියෙන්නෙ resistive නිසා ගන්නා කලින් ටිකක් හොඳට බලන්න. Operating System මේකෙ වැදගත්කම අමුතුවන් කියන්න ඕනෙ නෑනේ. කොච්චර open source linux OS ආවත් අපි ගොඩාක් දෙනෙක් වැඩ කරන්න කැමති Windows වලනේ. ඉතින් අළුත් ගොඩාක් tab වල තියෙන්නෙ Android (Honeycomb හරි ICS) තමයි. iOS එකත් ගොඩාක් හොඳයි. තාම හොඳට පාවිච්චි නොකලත් Windows 8 වුනත් වරදක් නෑ. හැබැ...
අහන දකින හැමදේම මතක් වෙන්න, බෙදාගන්න සයිබරය තුල යුනිකෝඩ් කොට සටහන් කළෙමි