Skip to main content

Nokia Symbian වලට සිංහල???



මොබයිල් ෆොන් වලට සිංහල දාන්නෙ කොහොමද කියලා මට මාර ප්‍රශ්නයක් තිබුන.මේක Nokia C6-00 හා C5-00 වර්ගයේ Phone වලට වැඩ. Nokia Symbian phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.
ඔයාලත් කැමති නේ තම ඔයාලගෙ Nokia Mobile සිංහල දාගන්න.. එහෙනම් අපි බලමු එය ලෙහෙසියෙන් කරගන්න 

අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. S60 v3 සහ S60 v5 phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.

(1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා. මේක ඔනම Windows7 හරි Vista OS එකක තියෙනව. හොයගන්න බරිනම් මෙතනින්වත් බාගන්නකො. "ඉස්කොලෙ පොත"
(2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න.
(3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන් copy 4ක් අරගෙන පහන නම් වලට rename කරන්න.
(i) s60snr.ttf
(ii) s60ssb.ttf
(iii) s60tsb.ttf
(iv)S60ZDIGI.ttf
මේ පියවර අවසානයේ එකම file එකේ copy 4 ක් නම් 4 කින් තියෙන්න ඕනා.
 දැන් phone පරිගණකයෙන් ගලෙවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සියලු අකුරු පේන්න ඕනේ. 
එහෙමත් නත්තම් මේ පහලින් තියන .SIS file එක Download කරගෙන ඔයාලගේ Phone එකට ස්ථාපනය කරගන


දැන් ඔයාල Y-Browser එක open කරලා පහත ආකාරයට Browse කරන්න

 Z:\resource\Fonts
දැන් කලින් වගේම iskoole potha font එකෙන් copy 4ක් හදගෙන rename කරල ඒ folder එකට copy කරන්න

මේක Internal memory පමණක් ඇති phone වලට කරන්න එපා. Font නැවත පරණ එකට යන්න internal memory format කරන්න වෙන්න පුලුවන්.
Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්

Comments

Popular posts from this blog

HUAWEI E173 Dongle Unlocking

මම අද post ඒක විදිහට දාන්නේ  HUAWEI E173 dongle ඒකක් කොහොමද unlock කරන්නේ කියලා. මම පාවිච්චි කරන dialog connection ඒකත් ඒක්ක ලැබුණු dongle එකෙන් මේක test කරලා බැලුවා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේකෙන් dongle එකේ warranty ඒකනම් නැතිවෙනවා  1.       මුලින්ම Huawei E173Firmware Download කරගන්න 2.       පස්සේ   Universal Master Code.exe ඒකත් download කරගන්න. 3.       Universal Master Code ඒක open කරලා dongle එකේ IMEI ඒක type කරලා Calculate press කරන්න 4.       දැන් dongle ඒක plug කරලා PC එකෙන් ඒක detect කලාම download කරපු E173Update_11.126.85.00.114_B427.exe ඒක run කරන්න. 5.       ඒකෙන් Data card ඒක detect කරාම unlock code ඒකක් අහනවා ඒතෙකාට calculate කරපු FLASH CODE ඒක දෙන්න (අනිවාර්යෙන්ම ) 6.       ඊට පස්සේ dongle එකේ firmware ඒක update වෙලා dongle ඒක unlock wenawa . 7.  ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ අන්තර්ජාලය

  යුද්ධය ජීවිත හා දේපළ විනාශ කර දමන අමිහිරිතම අත් දැකීමකි. නමුත් ඒ අමිහිරිත මතකයන් අතුරින් යුද්ධයේ අතුරු නිමැයුමක් ලෙස ලොවට දායාද වු අනර්ග නිපැයුම් නැතුවාද නොවේ. ඔබ මා දන්නා සත්‍යයක් නම් වර්ථමානයේ වුවද භාවිතා වන ෆොක්ස්සොගන් රථය අමිහිරි යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ නිමැයුමකි. 1960  ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි. අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network  යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය. 1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය...