Skip to main content

Nokia Symbian වලට සිංහල???



මොබයිල් ෆොන් වලට සිංහල දාන්නෙ කොහොමද කියලා මට මාර ප්‍රශ්නයක් තිබුන.මේක Nokia C6-00 හා C5-00 වර්ගයේ Phone වලට වැඩ. Nokia Symbian phone බොහෝමයක් සිංහල support කරන්නේ නැහැ.
ඔයාලත් කැමති නේ තම ඔයාලගෙ Nokia Mobile සිංහල දාගන්න.. එහෙනම් අපි බලමු එය ලෙහෙසියෙන් කරගන්න 

අපිට කරන්න පුලුවන් මෙකට සිංහල font එකක් දාලා අකුරු ටික යන්තම් බලගන්න හදගන්න. එත් rendering නම් හොද නැහැ. S60 v3 සහ S60 v5 phone වලට font එකක් දාගන්නේ මෙහෙමයි.

(1)මුලින්ම දාන්න ඕනා font එක තොරගන්න. මේ ෆොන්ට් එකට සිංහල, ඉන්ග්‍රීසි අකුරු ඔක්කොම තියෙන එකක් තොර ගන්න. නැත්නම් ඉන්ග්‍රීසි අකුරු පේන්නෙ නැතුව යයි. මම මේකට "ඉස්කොලෙ පොත" (iskpota.ttf) එක තොරා ගත්තා. මේක ඔනම Windows7 හරි Vista OS එකක තියෙනව. හොයගන්න බරිනම් මෙතනින්වත් බාගන්නකො. "ඉස්කොලෙ පොත"
(2)දැන් phone එක "Mass storage" විදිහට පරිගණකයකට සම්බන්ද් කරන්න.
(3)ඊලගට phone එකේ external memory card එකේ resource\Fonts යනුවෙන් folder සාදාගන්න [resource ඇතුලෙ Fonts folder එක]. මේ Fonts folder එකට iskpota.ttf file එකන් copy 4ක් අරගෙන පහන නම් වලට rename කරන්න.
(i) s60snr.ttf
(ii) s60ssb.ttf
(iii) s60tsb.ttf
(iv)S60ZDIGI.ttf
මේ පියවර අවසානයේ එකම file එකේ copy 4 ක් නම් 4 කින් තියෙන්න ඕනා.
 දැන් phone පරිගණකයෙන් ගලෙවා restart කරන්න. එතකොට අලුත් font එකෙන් සියලු අකුරු පේන්න ඕනේ. 
එහෙමත් නත්තම් මේ පහලින් තියන .SIS file එක Download කරගෙන ඔයාලගේ Phone එකට ස්ථාපනය කරගන


දැන් ඔයාල Y-Browser එක open කරලා පහත ආකාරයට Browse කරන්න

 Z:\resource\Fonts
දැන් කලින් වගේම iskoole potha font එකෙන් copy 4ක් හදගෙන rename කරල ඒ folder එකට copy කරන්න

මේක Internal memory පමණක් ඇති phone වලට කරන්න එපා. Font නැවත පරණ එකට යන්න internal memory format කරන්න වෙන්න පුලුවන්.
Externel memory තියෙන phone එකේ memory card එක ගලවා restart කිරීමෙන් පරණ font එක restore කර ගන්න පුලුවන්

Comments

Popular posts from this blog

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ. එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL. DSL වර්ග කීපයක්ම තියෙනවා DSL Type Description Data Rate Downstream; Upstream Distance Limit Application IDSL ISDN Digital Subscriber Line 128 Kbps 18,000 feet on 24 gauge wire Similar to the ISDN BRI service but data only (no voice on the same line) CDSL Consumer DSL from Rockwel...

පරණ පැන්සල අළුත් වෙයි - "පැන්සල" Real Time Sinhala Unicode Converter

පැන්සල ගැන ඉතින් ලංකාවෙ අපිට අළුතෙන්ම කියන්න දෙයක් නෑනෙ. ඒ තරමටම ඒක ලොකු පොඩි කවුරු අතරත් famous .මොකද සිංහල වචනයක් කොටා ගන්න character map එකේ හැතැම්ම කීයක් උඩට පහළට ගියපු අයට ඒක පට්ටෙටම වටිනවා. But අද මම කියන්න ආවෙ ඒකෙ අළුතින් release වුණ  version  එක ගැන කියන්න.  ඒ 2.13.7.1 . ඊයෙ තමයි මේක release වුණෙ. කලින් තිබුණ features ඔක්කොම වගේම, අළුත්ම feature ගොඩක් එක්ක පොඩි Metro look එකකකුත් මේ application එකට දීලා තියෙනවා.  ඒ අතරින් මට නම් ගොඩක්ම interesting වුණෙ අළුතින් add කරපු word suggestion එක. ඔන්න පහතින් දාන screen shot එක බලන්නකෝ ඒක නම් සිරා. අපි වචනයක් type කරගෙන යනකොට මේ විදිහට suggestion කීපයක් පෙන්නනවා. අපිට අවශ්‍ය වචනය select කරගන්න ඒ වචනයට අදාල number එක press  කරන්න විතරයි ඕනෙ. Arrow keys, mouse, enter මුකුත් නෑ. one shot. ඒවගේම තව virtual key board එකකකුත් දාලා තියෙනවා. ඔන්න ඒකත්. කලින් පැන්සල පාවිච්චි කරද්දි අහුවුණ bugs ඔක්කොම වගේ හදලා තියෙනවා කියලා තමයි කියන්නෙ. දැන් ඉතින් අමුතුවෙන් මහන්සි නොවී ලේසියෙන්ම වැඩේ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.