Skip to main content

Linux ගැන දැන ගනිමු

 සෑහෙන්න දවසකට පස්සෙ තමයි නිවී සැනසිල්ලෙ බ්ලොග් එක පැත්තට ආවෙ. සරසවි ජීවිතයේ යාන්තම් එක අවුරුද්දක් ගෙවා ගත්තා. නත්තලට දාපු බ්ලොග් විජෙට් එකත් ඔන්න අයින් කළා දැන් ඉතින් මොන නත්තල්ද.

ඔන්න ඉතින් මේ ටිකේම වැඩ වැඩි නිසා ලිපි දාන්නත් බැරි වුණා ඒත් බ්ලොග් එක පැත්තෙ ආපු පිරිසෙ නම් අඩුවක් නෑ. ඇත්තටම තියෙන ලොකුම සතුටත් ඒකම තමයි. අද ටිකක් වෙනස් දෙයක් ගැන කියන්න හිතුණා මොකද පහුගිය දවස් ටිකේම වැඩ කළේ ලිනක්ස් වල. ඉතින් ඒක ගැන ටිකක් ලියන්න හිතුණා.

ලිනක්ස් කියන්නෙත් OS එකක් එහෙම නැත්තම් මෙහෙයුම් පද්ධතියක්. ලිනක්ස් වල ඉතිහාසය ගැන කියන්න යුනික්ස් ගැන නොකියා බෑ. මොකද යුනික්ස් හි කර්නලය තවදුරටත් වැඩි දියුණු කරමින් C භාෂාව ආශ්‍රිතව වැඩි දියුණු කරන ලද මෙහෙයුම් පද්ධතියක් තමයි ලිනක්ස් නමින් එළි දක්වන්නෙ. AT & T හා Bell පර්යෙෂණාගරායේ පර්යේෂන කරපු ඩෙනිස් රිචේ සහ කෙන් තොම්සන් යන මහත්වරුන්ගේ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස තමා Unix උපදින්නේ. මේ ඩෙනිස් රිචේ කියන්නේ අපි අදටත් භාවිතා කරන C පරිගණක භාෂාව ලෝකෙට හදුන්වාදීපු පුද්ගලයා. කෙන් තොම්සන් විසින් ලියන ලද කේත ඩෙනිස් රිචේ විසින් නැවත C භාෂාවෙන් ලියලා තමා Unix Kernel එක එළිදැක්වෙන්නේ.

ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල වල අධ්‍යයන කටයුතු සඳහා බහුලව භවිතා වුණා.1991 දි ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්යාලයේ දෙවන වසර සිසුවකු වූ ලිනස් ටොර්වල්ඩ්ස් Unix කර්නලය නැවත වෙනස් කර ලියමින් Linux නම් වූ අපූර්ව මෙහෙයුම් පද්ධතිය ලෝකෙට බිහි කරා.  පසු කාලීන ව IBM, Sun  Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන ව ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම හා නිදහස මෙහි සාර්ථකත්වයට හේතුවී ඇත.

ලිනක්ස් හොඳ වෙන්නෙ ඇයි???
  1. නොමිලයේම ලබා ගත හැකි වීම
  2. වෛරස් ආසාදන ඉතා අඩු වීම
  3. කිසිඳු ආකාරයේ දෘඩාංග මෘදුකාංග අනවශ්‍ය වීම (Drivers අනවශ්‍ය වීම)
  4. පරණ පරිගණක වල පවා නවතම සංස්කරණ භාවිතා කල හැකි වීම.

ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට හොඳ උදාහරණයක් වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් OSමෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට පුළුවන්.

අපි ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්. ඉතින් දැන් ඒ වගේම පාවිච්චි කරන්න පුළුවන් ලිනක්ස් සංස්කරණ කීපයක්ම තියෙනවා.

ඒ ගැන විස්තර ඊළඟ ලිපියෙන් ........

Comments

Popular posts from this blog

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ. එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL. DSL වර්ග කීපයක්ම තියෙනවා DSL Type Description Data Rate Downstream; Upstream Distance Limit Application IDSL ISDN Digital Subscriber Line 128 Kbps 18,000 feet on 24 gauge wire Similar to the ISDN BRI service but data only (no voice on the same line) CDSL Consumer DSL from Rockwel...

පරණ පැන්සල අළුත් වෙයි - "පැන්සල" Real Time Sinhala Unicode Converter

පැන්සල ගැන ඉතින් ලංකාවෙ අපිට අළුතෙන්ම කියන්න දෙයක් නෑනෙ. ඒ තරමටම ඒක ලොකු පොඩි කවුරු අතරත් famous .මොකද සිංහල වචනයක් කොටා ගන්න character map එකේ හැතැම්ම කීයක් උඩට පහළට ගියපු අයට ඒක පට්ටෙටම වටිනවා. But අද මම කියන්න ආවෙ ඒකෙ අළුතින් release වුණ  version  එක ගැන කියන්න.  ඒ 2.13.7.1 . ඊයෙ තමයි මේක release වුණෙ. කලින් තිබුණ features ඔක්කොම වගේම, අළුත්ම feature ගොඩක් එක්ක පොඩි Metro look එකකකුත් මේ application එකට දීලා තියෙනවා.  ඒ අතරින් මට නම් ගොඩක්ම interesting වුණෙ අළුතින් add කරපු word suggestion එක. ඔන්න පහතින් දාන screen shot එක බලන්නකෝ ඒක නම් සිරා. අපි වචනයක් type කරගෙන යනකොට මේ විදිහට suggestion කීපයක් පෙන්නනවා. අපිට අවශ්‍ය වචනය select කරගන්න ඒ වචනයට අදාල number එක press  කරන්න විතරයි ඕනෙ. Arrow keys, mouse, enter මුකුත් නෑ. one shot. ඒවගේම තව virtual key board එකකකුත් දාලා තියෙනවා. ඔන්න ඒකත්. කලින් පැන්සල පාවිච්චි කරද්දි අහුවුණ bugs ඔක්කොම වගේ හදලා තියෙනවා කියලා තමයි කියන්නෙ. දැන් ඉතින් අමුතුවෙන් මහන්සි නොවී ලේසියෙන්ම වැඩේ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.