Skip to main content

පරණ පැන්සල අළුත් වෙයි - "පැන්සල" Real Time Sinhala Unicode Converter

Picture

පැන්සල ගැන ඉතින් ලංකාවෙ අපිට අළුතෙන්ම කියන්න දෙයක් නෑනෙ. ඒ තරමටම ඒක ලොකු පොඩි කවුරු අතරත් famous.මොකද සිංහල වචනයක් කොටා ගන්න character map එකේ හැතැම්ම කීයක් උඩට පහළට ගියපු අයට ඒක පට්ටෙටම වටිනවා. But අද මම කියන්න ආවෙ ඒකෙ අළුතින් release වුණ version එක ගැන කියන්න. ඒ 2.13.7.1. ඊයෙ තමයි මේක release වුණෙ.

කලින් තිබුණ features ඔක්කොම වගේම, අළුත්ම feature ගොඩක් එක්ක පොඩි Metro look එකකකුත් මේ application එකට දීලා තියෙනවා. 


ඒ අතරින් මට නම් ගොඩක්ම interesting වුණෙ අළුතින් add කරපු word suggestion එක. ඔන්න පහතින් දාන screen shot එක බලන්නකෝ

Picture

ඒක නම් සිරා. අපි වචනයක් type කරගෙන යනකොට මේ විදිහට suggestion කීපයක් පෙන්නනවා. අපිට අවශ්‍ය වචනය select කරගන්න ඒ වචනයට අදාල number එක press  කරන්න විතරයි ඕනෙ. Arrow keys, mouse, enter මුකුත් නෑ. one shot.


ඒවගේම තව virtual key board එකකකුත් දාලා තියෙනවා. ඔන්න ඒකත්.

Picture


කලින් පැන්සල පාවිච්චි කරද්දි අහුවුණ bugs ඔක්කොම වගේ හදලා තියෙනවා කියලා තමයි කියන්නෙ. දැන් ඉතින් අමුතුවෙන් මහන්සි නොවී ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මීට අමතරව තවත් අළුත් features කීපයක්ම තියෙනවා මේකෙ ඉතින් release වුණ ගමන් news එක අරන් ආවෙ කට්ටියටම ලේසි වෙන්න.

වැඩිපුර විස්තර බලාගන්න සහ බාගන්න SERANDIBSOFT.COM 


Comments

  1. පට්ට වවිනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා දැනුවත් කිරීමට..නෝට් පෑඩ් එකටත් සපෝට් කරනව නම් ආයෙ කියන්න දෙයක් නෑනෙ...

    ReplyDelete

Post a Comment