Skip to main content

වෙබ් අඩවි නිර්මාණය පහසුවෙන්

Web Development අද අන්තර්ජාලයේ ජනප්‍රියම අංගයක්. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, සමාජ වෙබ් අඩවි නිර්මාණයේ සිට තම කුඩා බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ඔබින නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් තමයි අද මම අරගෙන ආවෙ. Dreamviewer මෘදුකාංගය තරම් පහසුකම් රාශියක් නැතත් වෘත්තීය මට්ටමේ මෘදුකාංග ලෙස මේවා හැඳින් වුවොත් නිවැරදි.

Coffee Cup Free HTML Editor 



Coffee Cup Free HTML Editor යනු ඉතා පහසු මෘදුකාංගයක්. මෙහි FTP uploading පහසුකම ඒ තුලම පවතින අතර, FONTS, Table, Frames වැනි දේ ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. HTML පිළිබඳ මූලික දැනුමක් අවබෝධයක් පවතින කා හට වුවත් වෘතිතීය මට්ටමේ නිර්මානයක් එළි දැකිවීමට මෙය යොදා ගත හැක.

Visual Editor, CSS Menu Designer, Image Mapper, and Website Color Schemer යන පහසුකම් මෙහි සම්පූර්ණ සංස්කරණයේ (Full Edition) ඇතුලත් වූවද නොමිලයේ ලබා දෙන සංස්කරනයේ එම පහසුකම් ඇතුලත් නොවේ.

මෙය අවපතනය (Download) කර ගැනීම සඳහා මෙම අඩවියට පිවිසෙන්න
http://www.coffeecup.com/free-editor/



NetObjects Fusion Essentials

මෙම මෘදුකාංගය පෙර මෘදුකාංගයටත් වඩා දියුණු අතර drag & drop විධාන ලබා දිය හැකි අතුරු මුහුනතක් පවතියි. මෙහි කේත සඳහා ලබා දෙන පෙර දසුන (preview) ඉතා නිවැරදි වන අතර පෙර මෘදුකාංගයේ මෙන් FTP in-built uplod පහසුකම, Form සැකසීම, Site management ආදී වු පහසුකම් රාශියක් පවතින අතර මෙය සම්පූර්නයෙන්ම නොමිලයේ ලබා දෙන සංස්කරනයකි.

Most Popular Web Design Software NetObjects Fusion Essentials

 මෙය අවපතනය (Download) කර ගැනීම සඳහා මෙම අඩවියට පිවිසෙන්න
http://netobjects.com/html/essentials.html

Comments

  1. නියමයි යාළු...වටිනා කියන සොෆ්ට්වෙයා එකක්....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි යාළුවා ප්‍රතිචාරයට

      Delete

Post a Comment

Popular posts from this blog

මොකද්ද මේ ADSL

හුඟ කාලෙතට පස්සෙ බ්ලොග් එකට ආවෙ. ලියන්න දෙයක් මතක් වුණා. හැමෝම SLT එකෙන් දෙන ADSL ගැන දන්නව වුණාට ඇත්තම seen එක හැමෝම දන්නෙ නෑ කියලා හිතුණා. DSL කියන්නෙ Digital Subscriber Line කියන එකේ abbreviation එක. අපි දන්න phone line එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්නෙ. call එකක් ගන්න පාවිච්චි කරන්නෙ 0-4 kHz කියන frequency range එක. Phone line එකේ අපි පාවිච්චි නොකරන bandwidth එකෙන් තමයි data transmit කරන්නෙ. ඔන්න ඕකට තමයි DSL  technology කියන්නෙ. එතකොට ADSL කිව්වෙ Asynchronous Digital Subscriber Line එකට. DSL වලදි upload සහ download දෙකටම සමාන bandwidth පාවිච්චි කලා. ඇත්තටම ඒක වැඩක් නෑ මොකද අපි upload කරනවට වඩා data download තමයි කරන්නෙ. ඉතින් frequency range එක වෙනස් කරලා හදපු DSL system එක තමයි ADSL. DSL වර්ග කීපයක්ම තියෙනවා DSL Type Description Data Rate Downstream; Upstream Distance Limit Application IDSL ISDN Digital Subscriber Line 128 Kbps 18,000 feet on 24 gauge wire Similar to the ISDN BRI service but data only (no voice on the same line) CDSL Consumer DSL from Rockwel...

පරණ පැන්සල අළුත් වෙයි - "පැන්සල" Real Time Sinhala Unicode Converter

පැන්සල ගැන ඉතින් ලංකාවෙ අපිට අළුතෙන්ම කියන්න දෙයක් නෑනෙ. ඒ තරමටම ඒක ලොකු පොඩි කවුරු අතරත් famous .මොකද සිංහල වචනයක් කොටා ගන්න character map එකේ හැතැම්ම කීයක් උඩට පහළට ගියපු අයට ඒක පට්ටෙටම වටිනවා. But අද මම කියන්න ආවෙ ඒකෙ අළුතින් release වුණ  version  එක ගැන කියන්න.  ඒ 2.13.7.1 . ඊයෙ තමයි මේක release වුණෙ. කලින් තිබුණ features ඔක්කොම වගේම, අළුත්ම feature ගොඩක් එක්ක පොඩි Metro look එකකකුත් මේ application එකට දීලා තියෙනවා.  ඒ අතරින් මට නම් ගොඩක්ම interesting වුණෙ අළුතින් add කරපු word suggestion එක. ඔන්න පහතින් දාන screen shot එක බලන්නකෝ ඒක නම් සිරා. අපි වචනයක් type කරගෙන යනකොට මේ විදිහට suggestion කීපයක් පෙන්නනවා. අපිට අවශ්‍ය වචනය select කරගන්න ඒ වචනයට අදාල number එක press  කරන්න විතරයි ඕනෙ. Arrow keys, mouse, enter මුකුත් නෑ. one shot. ඒවගේම තව virtual key board එකකකුත් දාලා තියෙනවා. ඔන්න ඒකත්. කලින් පැන්සල පාවිච්චි කරද්දි අහුවුණ bugs ඔක්කොම වගේ හදලා තියෙනවා කියලා තමයි කියන්නෙ. දැන් ඉතින් අමුතුවෙන් මහන්සි නොවී ලේසියෙන්ම වැඩේ...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.