Skip to main content

Posts

Windows Experience Index වෙනස් කරමු

Computer කියන Icon එක Right Click කරලා Properties වල පහලින් පෙනෙන Window එකක් දකින්න ලැබෙනවා.   ඔය වින්ඩෝ එකේ දකුණු පැත්තෙ නිල් පාට කොටුවකින් දකින්න ලැබෙන්නෙ  Windows  Experience Index එක. මේකෙ තියෙන විදිහට නම් Windows 7 Experience Index එක 5.5 යි. අපගේ පරිගනකයේ දෘඪාංග හා මෘදුකාංග වල ශක්‍යතාවය මනින අගයක් ලෙස මෙය නම් කරන්න පුළුවන්. මෙහි අගය පරාසය 1.0 සිට 7.9 දක්වා විහිදී යනවා.  ප්‍රොසෙසරය මඟින් තත්පරයකදී සිදු කරන ගණනය කිරිම් ගණන RAM මඟින් සිදුකරන මෙහෙයුම් ගණන Graphic Card එකෙහි ශක්‍යතාව Hard Disk  එක මඟින් දත්ත හුවමාරු වේගය ආදී වූ කරුණු සලකා ඒ එක එකෙහි ශක්‍යතාවන්ට යම් අගයක් සාපේක්ෂව ලබා දීම මෙමඟින් සිදු කරයි. Win Sat නැත්තම් Windows System Assessment tool එක මඟින් තමයි මෙහි ශක්‍යතාවය ගනනය කරන්නෙ. ඒ වගේම මෙම අගය පරිගනකයේ අඩුම හැකියාවක් ඇති දෘඩාංග හා මෘදුකාංග මත රඳා පවතිනවා. ඔය උඩ දාලා තියෙන screen shot එකේ බැලුවොත් ඒක හොඳටම තේරෙයි. එහි RAM හි සක්‍යතාවය (5.5) අඩුම වන අතර Graphic හි (7.9) උපරිම අගයක් ගනී. නමුත් සමස්ථ WEI අගය ලෙස 5.5 ක් පෙන්වයි. ...

SONY සමාගම දෙවන තැනට

ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයෙන් නිශ්පාදිත Smartphone අලෙවියේ  සැලකිය යුතු වෙළඳ පොලක් ලබා ගැනීමට SONY සමාගම මේ වන විට සමත් වී ඇත. HTC සමාගම පරයා යමින් එක්සත් රාජධානියේ තම වෙළඳපොල ස්ථාවර මටිටමක රඳවා ගනිමින් මේ වන විට දුරකථන උපාංග මිලියන  0.5 ක් ඉක්මවන ප්‍රමානයක් තම පාරිභෝගිකයන්ට ලබා දිමට සමත් වී ඇත. HTC දුරකථන අභිබවා යමින් Sony Mobile BRAVIA Engine, ඇතුළු සුවිශේෂ පහසුකම් රාශියක් සමඟ තම ආදායමට ගැලපෙන විවිධ මිල පරාස ගනනාවක් යටතේ වෙළඳපොලට එන Sony samart phone පාරිභෝගික ආකර්ශනය වඩාත් ඉහල නංවයි. නමුත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ප්‍රමුඛයා වන Samsung සමාගම තම දුරකථන අලෙවියේ වාර්තා පිට වාර්තා තබමින් එම කාල පරාසය තුල දී දුරකථන උපාංග මිලියන 3.2 පමණ විකිනිමට සමත් ව ඇත. මේ වන විට වාර්තා වන අන්දමට Galaxy Note II ඉතා ලාබදායි මිලකට ලබා දිමට නියමිතව ඇති බවයි. ඉතා අඩු මුදලකට විශාල තිරයක් පාරිභෝගිකයාට ලබා දෙමින් ඔවුන්ගේ කාර්යන් පහසුවෙන් ඉටු කිරිම මෙහි අරමුණ වන අතර පෙර පැවති Galaxy note II හි සියළුම පහසුකම් මෙහි අන්තර්ගත නොවනු ඇතයි අපේක්ෂා කෙරේ.

වෙබ් අඩවි නිර්මාණය පහසුවෙන්

Web Development අද අන්තර්ජාලයේ ජනප්‍රියම අංගයක්. වෙළඳ දැන්වීම් ප්‍රචාරණය, සමාජ වෙබ් අඩවි නිර්මාණයේ සිට තම කුඩා බ්ලොග් අඩවි නිර්මාණය සඳහා ඔබින නොමිලයේ ලබා දෙන මෘදුකාංග කීපයක් තමයි අද මම අරගෙන ආවෙ. Dreamviewer මෘදුකාංගය තරම් පහසුකම් රාශියක් නැතත් වෘත්තීය මට්ටමේ මෘදුකාංග ලෙස මේවා හැඳින් වුවොත් නිවැරදි. Coffee Cup Free HTML Editor  Coffee Cup Free HTML Editor යනු ඉතා පහසු මෘදුකාංගයක්. මෙහි FTP uploading පහසුකම ඒ තුලම පවතින අතර, FONTS, Table, Frames වැනි දේ ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. HTML පිළිබඳ මූලික දැනුමක් අවබෝධයක් පවතින කා හට වුවත් වෘතිතීය මට්ටමේ නිර්මානයක් එළි දැකිවීමට මෙය යොදා ගත හැක. Visual Editor, CSS Menu Designer, Image Mapper, and Website Color Schemer යන පහසුකම් මෙහි සම්පූර්ණ සංස්කරණයේ (Full Edition) ඇතුලත් වූවද නොමිලයේ ලබා දෙන සංස්කරනයේ එම පහසුකම් ඇතුලත් නොවේ. මෙය අවපතනය (Download) කර ගැනීම සඳහා මෙම අඩවියට පිවිසෙන්න http://www.coffeecup.com/free-editor/ NetObjects Fusion Essentials මෙම මෘදුකාංගය පෙර මෘදුකාංගයටත් වඩා දියුණු අතර drag ...

වෙබ් කැම් එක මවුස් එකක් කරමු

  මේ දවස් ටිකේම කෝටියක් වැඩ. බ්ලොග් එක පැත්ත පලාතක එන්න ලැබුණෙ නෑ. ඉතින් අද ආවෙ අළුත් software එකක් ගැන කියලා යන්න. හැමෝටම එච්චර වැදගත්කමක් නැති වුනත් සමහර අයට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. ඉතින් මේ software එකේ නම CameraMouse. පරිගනකයේ වෙබ් කැම් එකෙන් අපේ හිසේ චලන පාවිච්චි කරලා ඒක mouse එක move කරන්න යොදාගෙන තියෙනවා. එක තැනක තත්පර කීපයක් නවතා තබන විට ඒක click එකක් කරගන්න වුණත් settings වලින් පුළුවන්.ඇත්තටම මේක ඊලඟ පරම්පරාවෙ මෘදුකාංගයක් කිව්වොත් මම නිවැරදියි. මේක හදලා තියෙන්නෙ ඇමරිකාවෙ බොස්ටන් විශ්ව විදයාලය මඟින්. අත් දෙක අහිමි එහෙත් තම හිස සොලවා ගත හැකි පුද්ගලයන්ට පරිගනකය භාවිතය පහසු කිරීම මෙහි මූලික අරමුණ වෙලා තියෙනවා. අපේ වැඩිපුර අවධානයක් යොමු නොවෙන පිරිසකට මේ මඟින් සාධාරනයක් ඉෂ්ට කරලා තියෙන එකට අපි හැමෝම සතුටු වෙන්න ඕන. මේ ගැන වැඩි විස්තර www.cameramouse.org අඩවියෙන් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ මාදුකාංගයේ නවතම සංස්කරනය පසුගිය 19 වෙනිදා ලබා දුන්නා. මෙය 100% නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක්. දැන්න බාගන්න ඕනෙ නම් මෙතනින් යන්න 15MB විතර file එකක් තියෙන්නෙ. මාත් මේක උත...

පැන්සලෙන් ලියන්න නෝට් පෑඩ් එක බාගන්න

මේ ටිකේම බ්ලොග් එක පැත්තෙ එන්න නම් වුණේ නෑ. මොකද කැම්පස් පටන් ගත්ත නිසා. වැඩ කෝටියයි. ඒත් නෑවිත් බැරිකමටයි ආවෙ. ඔයාලට මතක ඇතිනෙ පැන්සල Unicode Writer එක හදපු තුසිතගේ (Serandib Soft) එකේ අළුත්ම Software එක තමයි CutePad. මේක නිර්මාණය කරලා තියෙන්නෙ Cross Platform විදිහට. තේරෙන සිංහලෙන් කිව්වොත් ලිනුක්ස්, වින්ඩෝස් කියන Operating system දෙකටම ගැලපෙන විදිහට තමයි වැඩේ කරලා තියෙන්නේ.තවත් මේ CutePad එකේ තියෙන විශේෂම දෙයක් තමයි මේකෙ තියෙන User Friendly GUI design එක. සාමාන්‍ය NotePad එකක තියෙන ඔක්කොම පහසුකම් මේකෙ තියෙනවා. ඒ විතරක් නෙමෙයි files pdf format එකෙන් වුණත් save කරන්න පුළුවන්. මේක හදලා තාම වැඩි දවසක් නෑ. ඔයාලත් පාවිච්චි කරලා බලන්න. මේක ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න.

මොකද්ද මේ God Mode?????

GoD Mode ගැන වැඩිය කට්ටිය දන්නෙ නැතුව ඈති. මොකද මේක පාවිච්චි වෙන්නෙ Vista සහ  Windows7 වල නිසා. Operating system එකේ ඔක්කොම control panel එක folder එකකට ගන්න තමයි මේක ඔන වෙන්නෙ. එච්චර ලොකු දෙයක් නෙමෙයි වුනත් ගොඩක් වැදගත් trick එකක්.දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල. 1. මුලින්ම desktop එකේ NewFolder එකක් හදාගන්න. 2. දැන් හදාගත්තු folder එක God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} . කියල Rename කරගන්න. 3. Folder එක God Mode කියල Rename වෙයි. දන් ඒක open කරලම බලන්න. මේක 64 bit වල වැඩ කරන එක sure නෑ 32 bit වල නම් එල කිරි වගෙ වැඩ.

ලංකාවෙ අපිටම හදපු Android Apps

Android එක්ක ලෝකයේ ලියැවුණු අලුත් ජංගම දුරකථන කතාවට සිංහල උරුවට ලියැවුණු Apps ට්කක් ගැන කියන්න තමයි හදන්නෙ. මේ ගැන අළුතෙන්ම කියන්න නම් ඕනෙ නෑ මොකද මේ Apps වල Downloads ගණන බැලුවම මේ ගැන ගොඩාක් දෙනෙක් දන්නවා කියලා තේරෙනවා. ළඟදි android එක්ක අත්වැල් බැඳගත්ත අයට නම් ටිකක් විතර වැදගත් වෙයි. Sinhala Dictionary Offline by Sachith Dassanayake අන්තර් ජාල සම්බන්ධතාව රහිතව වුවද භාවිත කළ හැකි මෙම මෘදුකාංගය ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් මෙන්න සිංහල-ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් ලෙස ද භාවිතා කල හැක. යුනිකෝඩ් මඟින් සිංගිලිෂ් ආකාරයට සිංහල වචන ඇතුලත් කළ හැකි අතර ඒ සඳහා යෝජනා වචන ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ. වැඩි විස්තර සඳහා සහ බාගත කිරීම Siyalu sinhala browser by Pahan Sarathchandra අන්තර්ජාල ගවේශනය සඳහා වෙබ් බ්‍රවුසරයක් ලෙස නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය සිංහල ෆොන්ට් රෙන්ඩින් බොහෝ දුරට සාර්ථක ලෙස ඉදිරිපත් කරයි. සිංහල අඩවි නැරඹිමට ජංගම දුරකථනය භාවිතා කරන ලාංකිකයන්ට වැදගත් මෘදුකාංගයකි. වැඩි විස්තර සඳහා සහ බාගත කිරීම Omi, දන්න සිංහලෙන් ඕමි සෙල්ලම් කරමු by Sri Droiders මේ සෙල්ලම ගැන අමුතුවෙ...