Skip to main content

Posts

මොකද්ද මේ God Mode?????

GoD Mode ගැන වැඩිය කට්ටිය දන්නෙ නැතුව ඈති. මොකද මේක පාවිච්චි වෙන්නෙ Vista සහ  Windows7 වල නිසා. Operating system එකේ ඔක්කොම control panel එක folder එකකට ගන්න තමයි මේක ඔන වෙන්නෙ. එච්චර ලොකු දෙයක් නෙමෙයි වුනත් ගොඩක් වැදගත් trick එකක්.දැන් බලමු කොහොමද මේක කරන්නෙ කියල. 1. මුලින්ම desktop එකේ NewFolder එකක් හදාගන්න. 2. දැන් හදාගත්තු folder එක God-Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} . කියල Rename කරගන්න. 3. Folder එක God Mode කියල Rename වෙයි. දන් ඒක open කරලම බලන්න. මේක 64 bit වල වැඩ කරන එක sure නෑ 32 bit වල නම් එල කිරි වගෙ වැඩ.

ලංකාවෙ අපිටම හදපු Android Apps

Android එක්ක ලෝකයේ ලියැවුණු අලුත් ජංගම දුරකථන කතාවට සිංහල උරුවට ලියැවුණු Apps ට්කක් ගැන කියන්න තමයි හදන්නෙ. මේ ගැන අළුතෙන්ම කියන්න නම් ඕනෙ නෑ මොකද මේ Apps වල Downloads ගණන බැලුවම මේ ගැන ගොඩාක් දෙනෙක් දන්නවා කියලා තේරෙනවා. ළඟදි android එක්ක අත්වැල් බැඳගත්ත අයට නම් ටිකක් විතර වැදගත් වෙයි. Sinhala Dictionary Offline by Sachith Dassanayake අන්තර් ජාල සම්බන්ධතාව රහිතව වුවද භාවිත කළ හැකි මෙම මෘදුකාංගය ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් මෙන්න සිංහල-ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් ලෙස ද භාවිතා කල හැක. යුනිකෝඩ් මඟින් සිංගිලිෂ් ආකාරයට සිංහල වචන ඇතුලත් කළ හැකි අතර ඒ සඳහා යෝජනා වචන ලැයිස්තුවක් ඉදිරිපත් කෙරේ. වැඩි විස්තර සඳහා සහ බාගත කිරීම Siyalu sinhala browser by Pahan Sarathchandra අන්තර්ජාල ගවේශනය සඳහා වෙබ් බ්‍රවුසරයක් ලෙස නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය සිංහල ෆොන්ට් රෙන්ඩින් බොහෝ දුරට සාර්ථක ලෙස ඉදිරිපත් කරයි. සිංහල අඩවි නැරඹිමට ජංගම දුරකථනය භාවිතා කරන ලාංකිකයන්ට වැදගත් මෘදුකාංගයකි. වැඩි විස්තර සඳහා සහ බාගත කිරීම Omi, දන්න සිංහලෙන් ඕමි සෙල්ලම් කරමු by Sri Droiders මේ සෙල්ලම ගැන අමුතුවෙ...

යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ අන්තර්ජාලය

  යුද්ධය ජීවිත හා දේපළ විනාශ කර දමන අමිහිරිතම අත් දැකීමකි. නමුත් ඒ අමිහිරිත මතකයන් අතුරින් යුද්ධයේ අතුරු නිමැයුමක් ලෙස ලොවට දායාද වු අනර්ග නිපැයුම් නැතුවාද නොවේ. ඔබ මා දන්නා සත්‍යයක් නම් වර්ථමානයේ වුවද භාවිතා වන ෆොක්ස්සොගන් රථය අමිහිරි යුද්ධයේ අතුරු නිපැයුමක් ලෙස ඉතිරි වූ නිමැයුමකි. 1960  ලොවම යුද්ධයේ භීතියෙන් ඇලලී ගිය සමයක් විය.ලෝකයේ පොලිස්කාරයාවන ඇමරිකාව අද අල්කයිඩාවට බිය වූවා සේම එදාත් බියවී සිට ඇත. මක් නිසාද යත් යම් ලෙසකින් පරමාණු බොම්බයක් හෝ වෙනත් අකාරයක යුධමය කට යුත්තක අතුරු ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව රැස් කරගත් දැනුම හා තොරතුරු විනාශ වුවහොත් ඒ සියල්ල නැවත ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීමයි. මේ සඳහා පරීක්ෂණ හා අධ්‍යයන කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ආරක්ශක අමාත්‍යංශය පියවර ගනු ලැබුණි. අවසානයේ මෙහි ප්‍රතිපලයක් වූයේ ARPANET හෙවත් Advanced Research Projects Agency Network  යන්න බිහි වීමයි. මෙමඟින් ඇමෙරිකාවේ අධ්‍යාපන සොයාගැනීම් හා විද්‍යාත්මක තොරතුරු පරිගණක ජාලයක් හා සම්බන්ධ විය. 1985 National Science Foundation විසින් අර්පානෙට් පදනම් කර ගනිමින් NSFNET නමින් ජාලයක් නිර්මාණය...

ලංකාවෙ ජනප්‍රියම TV, Radio Chanel widget එකක්

ඔන්න අද මම දෙන්න යන්නෙ ලංකාවෙ රේඩියෝ, ටීවී චැනල් වලට ලිනක් කරන විජෙට් එකක්. ඔය දාලා තියෙන්නෙ ඒකෙ පිංතූරයක්. මේක 250px × 389px size එකට හැදුවෙ. මගේ බ්ලොග් එකට දාන්න තමයි හැදුවෙ. ඉතින් මේක ඔයාලටත් දෙන්න ඕන කියලා හිතුණා. ඔන්න මම පහලින් Add to Blogger button එක දානවා. ඔයාලටත් ඕන නම් අරගන්න.

Dongle එකෙන් 3G phone එකක් හදමුද ..! ආ එහෙමත් පුලුවන්ද?

  අද යන්නෙ ඔයාලගෙ dongle එක කෑලි වලට ගලවන්න නම් නෙමෙයි. ඒ වුනාට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතුනා. මොකද ලංකාව ඇතුලත දී skype කතා කරනවට වඩා ගොඩාක් ලාබයි 3G calls. මොකද මොබිටෙල් වල voice call rate එකටම 3G call දෙනවනේ. මේක කරන්නෙ dongle එකට එන MobilePartner එකෙන්. හැබැයි ගොඩාක් පරණ dongle වලට නම් වැඩ කරන එකක් නෑ. E173 ට නම් එලකිරි වගේ වැඩ. ඊට අළුත් ඒවට කොහොමත් වැඩ.  MobilePartner එකෙන් call ගන්න පුලුවන් වුනට 3G නැත්තම්  video call ගන්න පුලුවන් කියල ඔයාලා දන්නවද? ඒකට තියෙන්නෙ බොහොම ලේසි ක්‍රමයක්.මේකට ඕන වෙන්නෙ Huawei dongle එකක් සහ WebCam/Notebook එකක්. ZTE,Micromax,WESTCOM,Prolink වගේ අනිත් වර්ග වල HSPA dongle වලට වැඩ කරනවද කියල නම් හරියටම දන්නෙ නෑ. මුලින්ම MobilePartner එක close කරන්න. මේක අනිවර්යෙන්ම කරන්න. ProgrammeFiles වල තියෙන MobilePartner folder එකට ගිහින් SysSetting.xml කියන ෆයිල් එක හොයාගෙන ඒක notepad එකෙන් edit කරගන්න පුලුවන් විදිහට open කරගන්න.C:\ProgrammeFiles\MobilePartner\SysSetting.xml ඊට පස්සෙ පහලින් දලා තියෙන code එක හොය...

බ්ලොග් එකට T20 logo එක දාගන්න

T20 ලෝක කුසලානයට තව දවස් කීපයයිනෙ තියෙන්නෙ. ඉතින් මේ දවස් වල ක්‍රිකට් වලට උනන්දු වෙන හින්ද මට හිතුණා බ්ලොග් එකට T20 logo එක දාගන්න. මේ සැරේ සත්කාරක රට ලංකාව නිසා කවුරුත් සැහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ගැන. ඔන්න පහලින් විජෙට් එක දැම්මා ඕන අය තමන්ගෙ බ්ලොග් එකට දාගන්න. එහෙනම් මම ගියා. ප.ලි - මේක හරියන්නෙ සුදු පාට පසුබිම් තියෙන බ්ලොග් අඩවි වලට විතරයි

Mobile එක නැති වුණොත් හොයා ගන්නෙ කොහොමද - ලංකාවෙ අයට විශේෂයි

අද ජංගම දුරකථනය සුඛොපභෝගී භාණඩ ලයිස්තුවෙන් මිදිලා පාරිභෝගික භාණ්ඩයක් වෙලා. තරුණ පරම්පරාවෙ ඔක්කොම කොහොම හරි බලන්නෙ මිලෙන් අධික ජංගම දුරකථනයක් ගන්න. හදිසියේ හරි ඔය වටිනා දුරකථනය නැති වූණොත්....Mobile Tracker වගේ දේවල් තිබුනට ඒවට නීතිය බල නොපාන හින්දා ලංකාවෙදි නැතිවුණ Phone එක හොයාගන්නෙ කොහොමද කියලා තමයි මම කියන්නෙ. උස්සපු කෙනා Phone එක ebay එකට පටවන්නෙ නැතිව ලංකාවෙ ඇතුලෙ පාවිච්චි කරනවා නම් TRCSL එකට කියලා අපිට හොයා ගන්න පුලුවන්. Phone එක නැති වුන ගමන්ම කරන්න තියෙන්නෙ ඒ නොම්බරයට කථා කරලා බලන්න මුලින්ම. වැඩක් නැත්තම් ඔයා පාවිච්චි කරපු දුරකතන ජාලය අමතලා ඒ SIM එක තාවකාලිකව විසන්දි නරන්න. මේ වැඩේ ඕනම වෙලාවක Call එකකින් කරන්න පුලුවන්. ඊට පස්සෙ Phone එකේ IMEI එකත් අරන් පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන්න මේක ගැන. දාලා ඒ පැමිණිල්ලෙ සහතික කල පිටපතක් (රු 25ක්ද කොහෙද ගන්නවා) අරගන්න. ඒ පැමිනිල්ල පිටපතත් එක්ක 276, ඇල්විටිගල මාවත, කොළඹ 08 හි පිහිටා තියෙන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට (TRCSL එකට) යන්න. (අධ්‍යක්ෂ ජෙනරාල්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, 276, ඇල්විටිගල මාවත, කොළඹ 08 කියන ලිපිනයට වි...